බලන්න

04

E   |     |  

 දිනය: 2012-11-30   පිළිතුර ලබා දී ඇත 

2343/2012: "මහින්ද චින්තන - ඉදිරි දැක්ම" : ළමා ජීවදත්ත ගොනුව

2343/’12

 

ගරු සජිත්  ‍ප්‍රේමදාස මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන්  ඇසීමට,—

(අ)       “මහින්ද චින්තන - ඉදිරි දැක්ම” ප්‍රතිපත්ති මාලාව මගින් ලංකාවේ උපදින සෑම දරුවකුගේම ජීවදත්ත ගොනුවක් එම දරුවාගේ ස්ථිර පදිංචියට  අදාළ ජන සභා ලේකම් කාර්යාලයේ පවත්වාගෙන යා යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව එතුමා දන්නෙහිද?

(ආ)   (i)  මේ වනවිට එම යෝජනාව ක්‍රියාත්මක වන්නේද;

  (ii)  එසේ නම්, එම ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ වර්ෂය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑ‍සේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-30

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

(ආ)         (i)      නැත.

              (ii)      අදාළ නොවේ.

(ඇ)     දැනට ජන සභා පිහිටුවා නොමැති බැවිනි.

           දැනට ජන සභා නියමු ව්‍යාපෘතියට අදාළ කටයුතු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර ඇත. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් වසම් 05 බැගින් ගෙන වසම් 60ක නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. එහිදී මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබයි.

 

පිළිතුරු දුන් දිනය

2013-12-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks