පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3173/2023
ගරු දයාසිරි ජයසේකර මහතා,— වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රජය විසින් වාර්ෂිකව පවත්වාගත යුතු සහල් සංචිතය කොපමණද;
(ii) එම සංචිතය පවත්වාගනු ලබන ආයතනය කවරේද;
(iii) සංචිතය සඳහා සහල් ලබා ගනු ලබන ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වර්ෂ 2017 සිට 2021 දක්වා රජය විසින් පවත්වා ගන්නා ලද සහල් සංචිතය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඉහත කාලය තුළ එම සහල් සංචිතයෙන් මුදාහරින ලද සහල් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඉහත සහල් සංචිතයෙන් සහල්, මුදාහරින ලද ආයතන කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) වාර්ෂික අවශ්‍යතාවය සඳහා ප්‍රමාණවත් සහල් සංචිතයක් පවත්වා නොගන්නේ නම්, ඊට හේතු කවරේද;
(ii) ප්‍රමාණවත් සහල් සංචිතයක් පවත්වා නොගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුවන බලපෑම කවරේද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-09-05
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) 2017 වර්ෂයේ සිට රජය මඟින් සහල් සංචිතයක් පවත්වාගෙන ගොස් නැත.
(ii) උක්ත (අ) (i) අනුව පැන නොනඟී.
(iii) උක්ත (අ) (i) අනුව පැන නොනඟී.
(ආ) (i) උක්ත (අ) (i) අනුව පැන නොනඟී.
(ii) උක්ත (අ) (i) අනුව පැන නොනඟී.
(iii) උක්ත (අ) (i) අනුව පැන නොනඟී.
(ඇ) (i) උක්ත (අ) (i) අනුව පැන නොනඟී.
(ii) වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික්ටොන් මිලියන 2.6ක් පමණ වේ. දීර්ඝ කාලයක් තිස්සේ රටට අවශ්‍ය සහල් අවශ්‍යතාවෙන් යම් ප්‍රමාණයක් සංචිතයක් වශයෙන් රජය විසින් පවත්වාගෙන යෑමට නොහැකි වී ඇත. සහල් නිෂ්පාදනය රටේ අවශ්‍යතාවට සරිලන බවට වාර්තා වී තිබුණු අතර සමහර අවස්ථාවල ස්වාභාවික ආපදා හා නොවැළැක්විය හැකි සාධක හේතුවෙන් රටේ අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකි වී ඇත. මීට අමතරව පසුගිය කාලයේ රසායනික පොහොර අත්හිටුවීම නිසා දේශීය සහල් නිෂ්පාදනය සැලකිය යුතු අඩු වීමක් පෙන්නුම් කර තිබුණි. එම නිසා දේශීය නිෂ්පාදනයෙන් කොටසක් සහල් සංචිතයක් වශයෙන් පවත්වා ගෙන යෑමට 2017 සිට රජයට නොහැකි අවස්ථා උද්ගත විය. රටේ පවතින අවශ්‍යතාව පරිදි රජය සහල් ආනයනය කිරීමට කටයුතු කර ඇත. මීට අමතරව 2020 ඔක්තෝබර් මස සිට 2021 ජනවාරි මස දක්වා ආරක්ෂිත සහල් තොග පවත්වාගෙන යෑම සඳහා කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව යන මැයෙන් අංක අමප/20/1325/313/009 ලෙස ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා 2020.09.28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණය ක්‍රියාවට නංවමින් රුපියල් බිලියන 2.241ක කාරක ප්‍රාග්ධන මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ණය ආවරණ ලිපිය මත ලංකා සතොස සමාගම වෙත මූල්‍ය පහසුකම් ලබා දෙන ලදී. එසේ මූල්‍ය පහසුකම් ලබා දුන්න ද දේශීය වෙළෙඳ පොළේ සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිලට වඩා ඉහළ මිල ඉදිරිපත්වීම හේතුවෙන් සහල් මිල දී ගැනීමට නොහැකි විය. ඉන් පසුව රටේ පැවති ආර්ථික අර්බුදය නිසා සහල් සංචිතයක් සඳහා මූල්‍ය පහසුකම් ලබා දී නොමැත.
වී අලෙවි මණ්ඩලය මඟින් ගොවීන්ගෙන් ලබා ගන්නා වී තොගය සංචිතයක් වශයෙන් පවත්වා ගැනීම සුදුසු බවත්, සහල් සංචිතය සහල් වශයෙන් පවත්වාගෙන යනවාට වඩා වී වශයෙන් පවත්වා ගැනීම මඟින් දිගු කාලයක් පවත්වා ගත හැකි බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
2024 වර්ෂයට අදාළව ජාතික අය වැය මඟින් සහල් මෙට්‍රික් ටොන් 50,000ක සංචිතයක් පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දෙන ලෙසට මහා භාණ්ඩාගාරය වෙත දැනුම් දී ඇත.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-09-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නලින් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks