පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3170/2023
ගරු දයාසිරි ජයසේකර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර සහ පැවරුම් ආදිය මුද්‍රණය කිරීම සඳහා වන වියදම් මේ වනවිට දෙමාපියන්ගෙන් අය කරනු ලබන බවත්;
(ii) පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම වියදම් දැරීම දෙමාපියන්ට දුෂ්කර වී ඇති බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සියලු තැනැත්තන්ට අධ්‍යාපනයේ සර්ව සාධාරණ හා සමාන ඉඩ ප්‍රස්ථා ලබා ගැනීමේ අයිතිය ඉහත සඳහන් අය කිරීම් හේතුවෙන් උල්ලංඝනය වන්නේද;
(ii) මුද්‍රණ කටයුතු සඳහා වන වියදම දෙමව්පියන්ගෙන් අයකර ගැනීම හැර වෙනත් විසඳුමක් විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන නිලධාරින්ට නොමැති බව දන්නේද;
(iii) එසේ නම්, මෙම අයකිරීම් සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර කවරේද;
(iv) මෙම තත්ත්වය හේතුවෙන් පාසල් පෙළපොත් ලබා දීම සීමා කිරීමට හෝ නවතා දැමීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-06-08
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i), (ii)
ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ප්‍රජාවගේ අධ්‍යාපන අයිතීන් තහවුරු කිරීම සඳහා සියලුම සිසුන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දෙමින් නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරයි. රට පත්ව ඇති වර්තමාන ආර්ථික අර්බුද තත්ත්වය හමුවේ වුවද සිසුන්ට පෙළපොත්, නිල ඇඳුම් ලබා දෙමින්ද අධ්‍යාපන පද්ධතියේ හා පාසල් සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, සේවක වැටුප්, සංවර්ධන වැඩසටහන් සඳහා මූල්‍ය වියදම් වෙනුවෙන් රජය විශාල වැයබරක් දරමින් හැකි සෑම විටම සිසුන්ට අධ්‍යාපනයේ සර්ව සාධාරණ හා සමාන ඉඩ ප්‍රස්ථා ලබාදීමට කටයුතු කරයි.
එමෙන්ම භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් ප්‍රශ්න පත්‍ර සහ පැවරුම් ආදිය මුද්‍රණයට භාවිත කරන කඩදාසි හා මුද්‍රණ ගාස්තු ඉහළ ගොස් ඇත. එබැවින්, එම වියදම් පාසලට දැරීමට අපහසු අවස්ථාවල දී දෙමව්පියන්ගෙන් අයකිරීමට අවශ්‍ය වේ නම් එම අය කිරීමට පළමුව වර්ෂයේ මුල් භාගයේදී වාර්ෂික සැලසුම හා අයවැය ඇස්තමේන්තුවට (26/2018 චක්‍රලේඛයට අනුව) අදාළ මූල්‍ය අධිකාරි බලය හිමි නිලධාරියාගෙන් අනුමැතිය ලබා ගත යුතුය.
(ආ) (i) අත්‍යවශ්‍ය වියදම් වුවද ඒ සඳහා මුදල් එකතු කිරීමේදී සිසුන්ට හෝ දෙමව්පියන්ට කිසිදු බලපෑමක් සිදු නොකරන ලෙස 26/2018 චක්‍රලේඛය (ඇමුණුම* මඟින් දක්වා ඇත.) මඟින් විදුහල්පතිවරුන් දැනුවත් කර ඇති බැවින් අධ්‍යාපනයේ සර්ව සාධාරණ හා සමාන ඉඩ ප්‍රස්ථා ලබා ගැනීමේ අයිතිය කඩවීමක් සිදු නොවේ.
(ii) පාසල්වල පළමුවන හා දෙවන වාර විභාග පාසල් මට්ටමින් ද තෙවන වාර විභාග පළාත් මට්ටමින්ද සංවිධානය කරනු ලබයි. පාසල් මට්ටමෙන් සංවිධානය කරනු ලබන විභාග සඳහා පාසල් සංවර්ධන සමිතියේ අරමුදල් භාවිත වන අතර පළාත් මට්ටමින් හා කලාප මට්ටමින් තෙවන වාර විභාගය සඳහා ප්‍රතිපාදන සලසා ගැනේ.
(iii) ප්‍රශ්න පත්‍ර හා පැවරුම් ආදියට මුදල් එකතු කිරීමේදී සිසුන්ට හා දෙමව්පියන්ට කිසිදු බලපෑමක් නොකරන ලෙසත්, මුද්‍රණ ගාස්තු සඳහා වැයවන මුදල රාජ්‍ය ප්‍රතිපාදන හා සුබපතන්නන්ගේ ආධාර සහිතව සිදු කිරීමට පාසල් පද්ධතිය දැනුවත් කර ඇත.
(iv) නැත
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-06-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks