පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3103/2023
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දිවයින පුරා පිහිටි පාසල්වල වැඩ බැලීමේ පදනම මත සේවය කරනු ලබන විදුහල්පතිවරුන් සංඛ්‍යාව;
(ii) ඒ අතරින් උතුරු හා නැගෙනහිර පළාත තුළ සේවය කරනු ලබන විදුහල්පතිවරුන් සංඛ්‍යාව;
කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වැඩ බැලීමේ පදනම මත පත්වීම් ලබා දී ඇති විදුහල්පතිවරුන්ට වැටුප් වැඩිවීම්, උසස්වීම් සහ ස්ථාන මාරු ලබා නොදීමට හේතු;
(ii) එම විදුහල්පතිවරුන්ට වැටුප් වැඩිවීම්, උසස්වීම් සහ ස්ථාන මාරු ලබා දෙනු ලබන දින වකවානු;
(iii) සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වැඩ බැලීමේ පදනමින් සේවය කරනු ලබන විදුහල්පතිවරුන් ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කරනු ලැබූව ද, වර්තමානයේදී ඔවුන්ව ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය නොකිරීමට හේතු;
(iv) එම විදුහල්පතිවරුන් ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කරනු ලබන දිනය;
කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේනම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-11
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i)
|
අංකය |
පළාත |
වැඩ බැලීමේ පදනම මත සේවය කරනු ලබන විදුහල්පතිවරුන් සංඛ්‍යාව |
|
01 |
බස්නාහිර පළාත |
203 |
|
02 |
මධ්‍යම පළාත |
528 |
|
03 |
සබරගමුව පළාත |
459 |
|
04 |
උතුරු මැද පළාත |
332 |
|
05 |
වයඹ පළාත |
373 |
|
06 |
ඌව පළාත |
367 |
|
07 |
දකුණු පළාත |
316 |
|
08 |
නැඟෙනහිර පළාත |
254 |
|
09 |
උතුරු පළාත |
152 |
|
|
එකතුව |
2984 |
නමුත් මේ සංඛ්‍යා ලේඛනවල සඳහන් අයගෙන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය වර්ෂය අවසාන වෙන කොට විශ්‍රාම ගොස් තිබෙනවා.
(ii) උතුරු පළාත - 152
නැඟෙනහිර පළාත - 254
එකතුව - 406
===
මේ සංඛ්‍යාවෙනුත් යම් ප්‍රමාණයක් විශ්‍රාම ගොස් තිබෙනවා.
(ආ) (i) වැටුප් වර්ධක හා උසස්වීම්.
වැඩ බලන විදුහල්පති තනතුරුවල රාජකාරී ඉටු කරනු ලබන්නේ ගුරු සේවයේ නිලධාරින් බැවින් ඔවුන්ට හිමි වන්නේ, ශ්‍රී ලංකා ගුරු සේවයට අදාළ වැටුප් වැඩිවීම් හා උසස්වීම් ක්‍රමවේදය වේ. විදුහල්පති සේවයට අදාළ වැටුප් වර්ධක හෝ උසස්වීම් ඔවුනට ලබා දීමක් සිදු නොවේ.
ස්ථාන මාරු.
විදුහල්පති තනතුරු පුරප්පාඩු පවතින පාසල්වලට ශ්‍රේණිධාරි විදුහල්පතිවරයෙක් පත් කරන තෙක් තාවකාලික පියවරක් වශයෙන් ගුරු සේවයේ නිලධාරින් වැඩ බැලීමට පත් කර ඇති බැවින්, වැඩ බැලීමට පත් කරන ලද පාසල්වලින් වෙනත් පාසලක වැඩ බැලීමේ විදුහල්පතිවරයෙකු වශයෙන් පත් කිරීමේ හැකියාවක් නොමැති බැවින් එලෙස ස්ථාන මාරු ලබා දීමක් සිදු නොවේ.
ඔවුන්ගේ නිත්‍ය තනතුර ගුරු සේවය වන බැවින් ගුරුවරයෙකු වශයෙන් ස්ථාන මාරු ඉල්ලුම් කරන්නේ නම් එම ස්ථාන මාරුව ලබා දෙනු ලැබේ.
(ii) වැඩ බලන විදුහල්පතිවරුන් ලෙස සේවය කරන්නේ ගුරු සේවයේ නිලධාරින් වන බැවින් ඔවුන් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව සුදුසුකම් සපුරා ඇත්නම් නියමිත දිනට ගුරු සේවයට අදාළ වැටුප් වැඩිවීම් හා උසස්වීම් ලබා දෙනු ලබන අතර, සේවා අවශ්‍යතාව, පුරප්පාඩු හා අදාළ අනෙකුත් ගුරු සේවයට අදාළ ස්ථාන මාරු නිර්ණායක අනුව ගුරු සේවයේ ස්ථාන මාරුවීම් ලබා දීම සිදු කෙරේ.
(iii) මෙතෙක් ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැත.
(iv) සමහර වෘත්තීය සමිතිවල විරෝධය හා අධිකරණයෙන් පනවා තිබූ තහනම් නියෝගය නිසා වැඩ බැලීමේ පදනමින් සේවය කරනු ලබන විදුහල්පතිවරුන් ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කිරීම ප්‍රමාද වී ඇත. මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් මෑතකදී පැවැත්වූ අතර, ඉදිරියේදී ඒ සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට නියමිතව ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-06-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks