01

E   |     |  

 දිනය: 2023-05-11   පිළිතුර ලබා දී ඇත 

3100/2023: ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවකයන්: උසස්වීම්

3100/2023

ගරු ලලිත් වර්ණ කුමාර මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2015 වර්ෂයෙන් පසු ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ උසස්වීම් ලබා දී ඇති සේවකයන් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම උසස්වීම් ලබා දීමේදී අනුගමනය කරන ලද ක්‍රමවේදය කවරේද;

(iii) උසස්වීම් ලබා දීමේදී, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මූලස්ථාන ශාඛාවේ සේවය කරන ලද සේවකයන්ට විශේෂත්වයක් දක්වා තිබේද;

(iv) කළමනාකරුවන් සඳහා උසස්වීම් ලබා දීමේදී, ඔවුන් පූර්වයෙන් සේවය කරන ලද ශාඛාවල ඉහළ ප්‍රගතියක් පෙන්වා තිබීම සැලකිල්ලට ගෙන තිබේද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?  

 

අසන ලද දිනය

2023-05-11

අසන ලද්දේ

ගරු ලලිත් වර්ණ කුමාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2023-06-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks