01

E   |     |  

 දිනය: 2023-05-24   පිළිතුර ලබා දී ඇත 

3091/2023: Vacancies in the post of Station Master

3091/2023

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,—  ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      ශ්‍රී ලංකාව තුළ පවතින දුම්රිය ස්ථානවල නම් කවරේද;

             (ii)        ප්‍රශස්ත දුම්රිය සේවයක් පවත්වාගෙන යාම සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සේවය අත්‍යාවශ්‍ය බව පිළිගන්නේද;

(iii) අවසන් වරට දුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවාගන්නා ලද දිනය කවරේද;

(iv) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුමත දුම්රිය ස්ථානාධිපතිවරුන් සංඛ්‍යාව කොපමණද;

   (v) දුම්රිය ස්ථානාධිපති තනතුරේ මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

 (vi) එම  පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-05-24

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks