පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3090/2023
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) විදේශ ආධාර මත මහනුවර, ගාල්ල හා යාපනය යන නගර සංවර්ධන කටයුතු ආරම්භ කරන ලද දින;
(ii) එම එක් එක් නගරය සංවර්ධන කිරීම සඳහා ආධාර ලබා දීමට එකඟතාවය පල කර සිටි ජාත්‍යන්තර සංවිධාන;
(iii) ඉහත සඳහන් එක් එක් නගරය සංවර්ධනය කිරීම සඳහා ලබා දී තිබූ ආධාර මුදල;
(iv) ඉහත එක් එක් නගරයේ සංවර්ධන කටයුතු අවසන් කිරීමට නියමිතව තිබූ දිනය;
වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත නගර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ප්‍රමාද වීමට බලපාන ලද හේතු කවරේද;
(ii) එම ව්‍යාපෘතිය ප්‍රමාදවීම හේතුවෙන් අහිමි වූ ආධාර මුදල කොපමණද;
(iii) ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති නියමිත කාලය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-10
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන හා නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) ලෝක බැංකු ආධාර යටතේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය
මහනුවර හා ගාල්ල - 2014.10.16
යාපනය - 2016.10.19
(ii) ලෝක බැංකුව. (නගර තුනම සඳහා)
(iii) · මහනුවර සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 94
· ගාල්ල සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 43
· යාපනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 55
(iv) ඔව්. නිම කිරීමට යෝජිතව තිබූ දිනය - 2021.12.31
(අ) (i) යටතේ සඳහන් හේතු මත මෙම සමස්ත ව්‍යාපෘතිය අවසන් කිරීමේ කාලය ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර 2021.12.31 දක්වා දීර්ඝ කෙරුණා. ඊට අදාළ සියලු ව්‍යාපෘති ප්‍රගති වාර්තා මා සභාගත* කරනවා. ඒක දීර්ඝ ලැයිස්තුවක්. .
ඉහත (අ) (i) සිට (iv) දක්වා පිළිතුරු ලබා දී ඇත.
(ආ) (i)
(ii) ව්‍යාපෘති කටයුතු අවසානයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 7.08ක මුදලක් ඉතිරි වී ඇත.
(iii) මේ වන විට සමස්ත ව්‍යාපෘති කාර්යයන් අවසන් වී ඇත.
(ඇ) ඉහත (ආ) (i), (ii), (iii) දක්වා පිළිතුරු ලබා දී ඇත.
පිළිතුරු දුන් දිනය
2023-06-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks