පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2333/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2004 හා 2006 වර්ෂවලදී රාජ්‍ය සේවකයින්ට ලබාදුන් වැටුප් පරිවර්තනයන්ට සමගාමීව 2006.01.01 දිනට පෙර විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කිරීමටත් ;
(ii) වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම සලකා බැලීම සදහා අවස්ථා කිහිපයකදී පත්කරන ලද කමිටු වාර්තාවල සඳහන් නිර්දේශ සලකා එම විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමේදී දීමනා ලබාදීම වෙනුවට වැඩිවන අගයන් ඒකාබද්ධ වැටුපට එකතු කිරීමටත්;
එතුමා කටයුතු කරන්නෙහිද?
(ආ) (i) 2004 හා 2006 යන වර්ෂවලදී විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුපට 2012 අයවැය ලේඛනයෙන් ප්‍රමාණවත් දීමනාවක් එක් කර තිබේද;
(ii) රාජ්‍ය සේවකයින්ට යම්කිසි වැටුප් පරිවර්තනයක් සිදුකරන්නේ නම්, එයට සමගාමීව සියලුම විශ්‍රාමිකයින්ට එම වැඩිවීම ලබාදීමේ ජාතික ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තු පනතකින් සම්මත කිරීමට කටයුතු කරන්නේද;
(iii) එසේ නම්, ඒ සඳහා ගතවන කාලය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-21
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු විජය දහනායක මහතා (රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு விஜய தஹநாயக்க- பொது நிருவாக, உள்நாட்டலுவல்கள் பிரதி அமைச்சர்)
(The Hon. Wijaya Dahanayake - Deputy Minister of Public Administration and Home Affairs)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මම ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.
(අ) (i) විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා අදියර කිහිපයකින් කටයුතු කර තිබේ.
2011 අයවැය ලේඛනයට අනුව 2004.01.01 දිනට පෙර විශ්‍රාම ලැබූ සැමට රුපියල් 750ක් ද, 2004.01.01 දින සිට 2005.12.31 දින දක්වා විශ්‍රාම ලැබූ අයට රුපියල් 250ක දීමනාවක්ද, විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් ගෙවා ඇත.
2012 අය වැය ලේඛනය තුළින් 2004.01.01 දිනට පෙර විශ්‍රාම ලැබූවන්ට රුපියල් 1000ක් ද, 2004.01.01 දින සිට 2005.12.31 දක්වා විශ්‍රාම ලැබුවන්ට රුපියල් 500ක දීමනාවක්ද ලබා දෙමින් එකී විෂමතාවය තවදුරටත් අඩු කර තිබේ.
(ii) යෝජිතයි.
ඉදිරියේදී ඒ සම්බන්ධව අවශ්‍ය කටයුතු කරන්නට මේ අවස්ථාව වන විට සූදානම් කරමින් සිටිනවා.
(ආ) (i) ඉහත සඳහන් ආකාරයට 2012 අය වැය ලේඛනය තුළින් රුපියල් 1,000ක උපරිමයකට යටත්ව දීමනාවක් ලබා දී ඇත.
(ii) විශ්‍රාමික අයිතිය 1946 රාජාඥාව මඟින් තහවුරු කර තිබේ. ඒ අනුව විශ්‍රාම වැටුප රාජ්‍ය ඒකාබද්ධ අරමුදලින් ගෙවීම පිළිබඳව විධිවිධාන පනවා තිබේ. එමෙන්ම 1972 රාජාණ්ඩු ක්‍රමය අහෝසි කරමින් සම්මත කළ ජනරජ ව්‍යවස්ථාවෙන්ද එය නීතිගත වී ආරක්ෂා විය. රටක උත්තරීතර නීතිය වශයෙන් සැලකෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විශ්‍රාම වැටුප් අයිතීන් සනාථ කර තිබුණි. විශේෂයෙන්ම සියලුම විශ්‍රාම වැටුප්, පාරිතෝෂික හා වෙනත් එවැනි දීමනා ඒකාබද්ධ අරමුදලට වැය බරක් විය යුතු බව විශේෂයෙන් දක්වා ඇත.
එමෙන්ම විශ්‍රාමිකයින්ගේ අයිතිය සහතික කිරීම රජයේ ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන ඇති අතර, රාජ්‍ය සේවයේ වැටුප් වැඩි වන අවස්ථාවලදී යම් ප්‍රමාණයකින් විශ්‍රාම වැටුප් වැඩි කිරීමට කටයුතු කර ඇත.
(iii) පැන නොනඟී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-02-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු විජය දහනායක මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks