පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2330/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා පොලිස් සේවාවට සහායවීම සඳහා 2006.08.02 දින අංක 16/1395/206/052 දරන අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ස්ථාපනය කර ඇති බවත්;
(ii) යුදමය වාතාවරණයක් පැවති අවස්ථාවේදී, ජාතික වැදගත්කමක් ඇති උත්සවවලදී සහ විවිධ ආපදා අවස්ථාවන්හිදී සිවිල් ආරක්ෂක නිලධාරීන් පූර්ණ කැපවීමෙන් කටයුතු කර ඇති බවත්;
(iii) සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් 2009.12.15 වැනි දින නිකුත් කළ චක්‍රලේඛයෙහි 2009.10.31 වැනි දිනට අඛණ්ඩව දින 180ක සේවා කාලයක් සපුරා ඇති නිලධාරීන්ගේ සේවය කඩිනමින් ස්ථිර කරන බවට සඳහන් කර ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) දැනට සිවිල් ආරක්ෂක සේවයේ නියුතු කාර්ය මණ්ඩලය කොපමණද;
(ii) එම සේවයේ විවිධ ක්‍ෂේත්‍රවල සේවය කරන එක් එක් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන දෛනික වැටුප කොපමණද;
(iii) දෛනික වැටුපට සේවය කරන ඉහත දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ සේවය ස්ථිර කර, ස්ථිර වැටුප් තලයක පිහිටුවා රජයේ නිලධාරීන්ට හිමි සියලුම වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන්නේද;
(iv) ඒ සඳහා ගතවන කාල සීමාව කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-17
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
(மாண்புமிகு நிமல் சிறிபால த சில்வா)
(The Hon. Nimal Siripala de Silva)
ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් 2009.12.15 දින චක්‍ර ලේඛයක් නිකුත් කර නොමැත.
(ආ) (i) තිස්අට දහස් පන්සියයක් පමණ. (38,500)
(ii) තනතුර දෛනික දීමනාව/ වැටුප් (රු) දිස්ත්‍රික් නිලධාරි 530.00
නියාමක 485.00
උප නියාමක 445.00
සිවිල් ආරක්ෂක භටයින් 405.00
මීට අතිරේකව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව ඉහත දෛනික වැටුපට සියයට 15ක දීමනාවක්ද, වැඩ කරන දිනකට රුපියල් 220ක ජීවන වියදම් දීමනාවක්ද ගෙවනු ලැබේ.
(iii) සිවිල් ආරක්ෂක සාමාජිකයන්ගේ සේවය ස්ථිර කර විශ්‍රාම වැටුප් හිමිකම ලබා දීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය අමාත්‍ය මණ්ඩලය විසින් 2012 අගෝස්තු මස 08 දින අනුමත කර ඇති අතර, ඒ අනුව ඉදිරි කටයුතු සිදු කරමින් පවතී.
(iv) අදාළ චක්‍රලේඛ හා අවශ්‍ය උපදෙස් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කළ පසු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වනු ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-04-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks