04

E   |     |  

 දිනය: 2012-11-16   පිළිතුර ලබා දී ඇත 

2328/2012: පොලිස් ආරක්ෂක සහායකයින්: දීමනා

2328/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      පොලිස් නිලධාරීන් සමග සමාන රාජකාරියේ යෙදෙන පොලිස් ආරක්ෂක සහායකයින්, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවයේ ස්ථිර කර විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක කර ඇති බව එතුමා දන්නෙහිද?

(ආ) (i) පොලිස් ආරක්ෂක සහායකයින්ගේ සේවය ස්ථිර කිරීම පොලිස් දෙ‍පාර්තමේන්තුවේ බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය  යටතේ සිදු කරනු ලැබුවේද;

(ii) ඔවුන්ට නිසි නිල ඇඳුමක් සහ රාජකාරියේ යෙදෙන අවස්ථාවල තොරතුරු සටහන් ‍පොතේ රාජකාරි වාර්තා කිරීමේ අවසරය ලබාදීමට කටයුතු කරන්නේද;

(iii) පොලිස් නිලධාරීන්ට හිමි වැටුප් වර්ධක, කලාප දීමනා, ගමන් වියදම්, දුෂ්කර දීමනා, බටා දීමනා සේවය ස්ථිර කළ දින සිටම පොලිස් ආරක්ෂක සහායකයන්ට ගෙවා තිබේද;

(iv) එසේ ගෙවා නොමැති නම්, එම වරප්‍රසාද ඔවුන්ට ලබාදීමට අවශ්‍ය පියවර ගන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-16

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 

ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා

(மாண்புமிகு  நிமல் சிறிபால த சில்வா)

(The Hon. Nimal Siripala de Silva)

ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

 

(අ)       ඔව්.

(ආ)         (i)      නැත

              (ii)      මොවුන්ගේ තනතුරු මත ඊට සරිලන පරිදි නිල ඇඳුමක් ලබා දී ඇත. පොලිස් ආරක්ෂක සහායක නිලධාරින්ගේ අධීක්ෂණ නිලධාරියාගේ අභිමතය පරිදි හා සහායක රාජකාරියේ ස්වරූපය අනුව මොවුන් හට තොරතුරු සටහන් පොතේ රාජකාරි වාර්තා කිරීමේ අවසරය ලබා දී ඇත.

              (iii) නැත.

             (iv) පොලිස් ආරක්ෂක සහායක නිලධාරින් හට පොලිස් බලතල හිමි නොවන බැවින්ද, මොවුන් ප්‍රාථමික සේවා ගණයට අන්තර්ගත වන බැවින්ද 2009.02.20වන දින අංක 1589/30 දරන ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශිත සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති ප්‍රකාරව මොවුන්ට හිමි වරප්‍රසාද පමණක් දැනට ලබා දීමට හැකි වේ. එසේ වුවද අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති උසස් වීමේ හා බඳවා ගැනීමේ පටිපාටිය අනුමත වීමෙන් පසුව ඔවුන්ගේ වැටුප් වර්ධක හා අනිකුත් දීමනා ගෙවීමට කටයුතු කරනු ලැබේ.

(ඇ) පැන නොනඟියි.

 

පිළිතුරු දුන් දිනය

2013-04-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks