බලන්න

04

E   |     |  

 දිනය: 2012-12-06   පිළිතුර ලබා දී ඇත 

2323/2012: ලියා පදිංචි ක්‍රීඩා ආයතන : විස්තර

2323/’12

 

ගරු රවී කරුණානායක මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       රට තුළ ඇති ලියාපදිංචි ක්‍රීඩා ආයතන සංඛ්‍යාව කොපමණද;

            (ii)       ඉහත සඳහන් ආයතනවලට නීත්‍යානුකූලව පත්වූ ප්‍රධානීන්ගේ නම් කවරේද;

           (iii)       ක්‍රීඩා ආයතනවල ප්‍රධානත්වය දරන දේශපාලඥයන්ගේ නම් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ)  (i)  නෛතික අවශ්‍යතාවය පරිදි ක්‍රීඩා ආයතනවල ගිණුම් වාර්ෂිකව ඉදිරිපත්කර තිබේද;

  (ii)  එසේ නම්, 2010 වර්ෂයට අදාළ ගිණුම් ඉදිරිපත්කර තිබේද;

  (iii)  අදාළ බලධාරියාට ගිණුම් ඉදිරිපත්කර නොමැති ක්‍රීඩා ආයතනවල නම් කවරේද;

  (iv)  ඉහත (ආ)(iii)හි සඳහන් එසේ ගිණුම් ඉදිරිපත් නොකළ ක්‍රීඩා ආයතනවලට පැනවූ දඩමුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-12-06

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා

(மாண்புமிகு  மஹிந்தானந்த அலுத்கமகே)

(The Hon. Mahindananda Aluthgamage)  

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මා සභාගත* කරනවා.

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)            (i)       රට තුළ ලියා පදිංචි ක්‍රීඩා ආයතන සංඛ්‍යාව පනස් තුනකි. (53කි.)

               (ii)       නීත්‍යනුකූලව පත් වූ දැනට ක්‍රියාකාරී ක්‍රීඩා සංගම්වල සභාපති / ලේකම් / භාණ්ඩාගාරිකගේ නාම ලේඛනය ඇමුණුම 01 ලෙස අමුණා ඇත.

              (iii)       ඇමුණුම 02 ලෙස ඉදිරිපත් කර ඇත.

(ආ)           (i)       ඔව්. දැනට ක්‍රියාත්මක ක්‍රීඩා සංගම් 47ක් අතුරින් ක්‍රීඩා සංගම් 39ක් 2010 වර්ෂයට ගිණුම් වාර්තා ඉදිරිපත්  කර ඇත.

               (ii)       2010 වර්ෂයට සංගම් 08ක් වාර්ෂික ගිණුම් ඉදිරිපත් කර නැත.

              (iii)       අදාළ බලධාරියාට ගිණුම් ඉදිරිපත් කර නොමැති ආයතන:

                         01.     ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය

                         02.     ශ්‍රී ලංකා චෙස් සම්මේලනය

                         03.     ශ්‍රී ලංකා පාරම්පරික කරාටේ සම්මේලනය

                         04.     ශ්‍රී ලංකා ආධුනික කබඩි සම්මේලනය

                         05.     ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු සම්මේලනය

                         06.     ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනය

                         07.     ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ටෙනිස් හා බේස්බෝල්

                         08.     ආබාධිතයන්ගේ ක්‍රීඩා පිළිබඳ ජාතික සම්මේලනය

              (iv)       ගිණුම් වාර්තා ඉදිරිපත් නොකළ ක්‍රීඩා ආයතන වෙනුවෙන් දඩ පැනවීමේ ක්‍රමවේදයක් දැනට ක්‍රියාත්මක නොවේ.

(ඇ)     පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2012-12-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks