04

E   |     |  

 දිනය: 2013-02-08   පිළිතුර ලබා දී ඇත 

2319/2013: ශ්‍රී ලංකාවේ ආගමික සිද්ධස්ථාන : විස්තර

2319/’12

 

ගරු රවී කරුණානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ අදහනු ලබන ආගම් කවරේද;

             (ii)       බුද්ධ ධර්මය, හින්දු ධර්මය, කතෝලික ධර්මය සහ ඉස්ලාම් ධර්මය යනාදී      ශ්‍රී ලංකාවේ අදහනු ලබන එක් එක් ආගමට අදාළ පැරණිතම සිද්ධස්ථාන තුන කවරේද;

(iii) එම සිද්ධස්ථාන ඉදිකරනු ලැබූ කාල වකවානු සහ ඒවා පිහිටි ස්ථාන කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

 

(ආ) (i) ඉහත කී සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය විසින් යොදවන ලද මුදල් ප්‍රමාණය කොපමණද;

(ii) ඒවා සංරක්ෂණය සහ සංවර්ධනය කිරීම උදෙසා රජය විසින් ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-02-08

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා

(மாண்புமிகு எம்.கே.ஏ.டி.எஸ். குணவர்தன)

(The Hon. M.K.A.D.S. Gunawardana)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා ඒ ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

 

පිළිතුරු දුන් දිනය

2013-02-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks