පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2315/’12
ගරු රවී කරුණානායක මහතා,— කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 1958 සේවක අර්ථසාධක අරමුදල පනත 2012 ජනවාරි මස 18 වැනි දින සංශෝධනය කළ බවත්;
(ii) සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ඉඩමක් මිලදීගැනීමට සහ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යොදා ගැනීම සඳහා එම සංශෝධනය සිදු කළ බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් ගොඩනැගිල්ල සඳහා ඇස්තමේන්තුගත මුළු පිරිවැය කොපමණද;
(ii) එම ගොඩනැගිල්ලේ වර්ග අඩියක් සඳහා ඇස්තමේන්තුගත පිරිවැය කොපමණද;
(iii) එම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කළ අයගේ නම් සහ ඔවුන් ඉදිරිපත් කරන ලද මිල ගණන් වෙන් වශයෙන් කවරේද;
(iv) එම ගොඩනැගිල්ල මහල් තිස් පහකින් සමන්විත විය යුතු බවට යෝජනා කිරීමේ වගකීම් භාර ගත යුතු පුද්ගලයාගේ නම කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ගොඩනැගිලි ඉදිකිරීම වැනි කාර්යයකට යොදවා නාස්තියක් සිදුකිරීමට හේතු කවරේද;
(ii) ඉහත සඳහන් කාර්යය සඳහා රාජ්‍ය මුදල් යොදා නොගැනීමට හේතුව කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-28
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු හා කම්කරු සබදතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ගාමිණී ලොකුගේ මහතා
(மாண்புமிகு காமினி லொக்குகே)
(The Hon. Gamini Lokuge)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) ඔව්.
1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත 2012.01.18 දින සංශෝධනය කරන ලදී.
(ii) ඔව්.
එම සංශෝධනය සිදු කර ඇත්තේ, ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට හා තවත් අරමුණු කීපයක් ඉටු කිරීම උදෙසාය.
(ආ) (i) රුපියල් බිලියන 7.5යි
(ii) වර්ග අඩියක් සඳහා දළ වශයෙන් රුපියල් 11,845.00යි.
(iii) ගොඩනැඟිල්ල ඉදි කිරීමට අදාළ ටෙන්ඩර් කටයුතු අවසන් කර නොමැති බැවින් මේ අවස්ථාවේදී පිළිතුරු ලබා දිය නොහැක.
(iv) කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශය මඟින් ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත හා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මෙය සිදු කරන ලදී.
(ඇ) (i) මෙමඟින් නාස්තියක් සිදු නොවේ.
(ii) මෙය සේවක අර්ථසාධක අරමුදල් කටයුතු සඳහා ඉදි කරනු ලබන ගොඩනැඟිල්ලක් වන අතර, සේවක අර්ථසාධක අරමුදල පවත්වාගෙන යාමේ වියදම් එම අරමුදල විසින් දැරිය යුතු බවට සේවක අර්ථ සාධක අරමුදල් පනතෙහිද සඳහන්ව ඇත. ඒ අනුව රාජ්‍ය මුදල් යෙදවීම අවශ්‍ය නොවනු ඇත.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-04-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගාමිණී ලොකුගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks