01

E   |     |  

 දිනය: 2023-06-21   පිළිතුර ලබා දී ඇත 

2844/2023: කෘෂි උපකරණ හා මෙවලම්: මිල ඉහළ යාම

2844/2023

ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       කෘෂි උපකරණ හා මෙවලම්වල විවෘත වෙළෙඳපොළ මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවත්;

 

             (ii)       කෘෂිකර්ම කටයුතු සඳහා උපකරණ මිලදී ගැනීමට නොහැකිව ගොවීන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී ඇති බවත්;

  එතුමා දන්නෙහිද?

(ආ) කෘෂි උපකරණ හා මෙවලම් සහන මිලට ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-06-21

අසන ලද්දේ

ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)      (i) (ii)       වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්ත්වය මත සියලුම භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යෑම කෘෂි උපකරණ හා මෙවලම්වලටද එක සේ බලපා ඇත. කෙසේ වෙතත්, විවිධ පාර්ශ්වවල මැදිහත්වීම මත ඇතැම් භාණ්ඩවල මිල යම් නියාමනයකට ලක් වන අවස්ථා දක්නට ලැබුණද, කෘෂි උපකරණ හා මෙවලම්වල මිල සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් දක්නට නොමැත.       

(ආ) කෘෂි මෙවලම් හා උපකරණ සහන මිලට ලබා දීම සඳහා දැනටමත් යම් යම් ක්‍රියාමාර්ග රජය විසින් ගෙන ඇත.

· අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති මඟින් නොමිලේම හෝ සහන මිලට කෘෂි මෙවලම් හා උපකරණ ගොවීන් වෙත ලබා දීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත. මේ යටතේ දැනටමත් විවිධ කෘෂි උපකරණ ගොවීන් වෙත ලබා දී ඇත.

· විවිධ කෘෂිකාර්මික කටයුතුවලදී වඩාත් සුදුසු යන්ත්‍රෝපකරණ භාවිතය පිළිබඳව ව්‍යාප්ති වැඩසටහන් මඟින් ගොවි ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාදාමය වඩාත් ශක්තිමත් කිරීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කරමින් පවතින අතර, එමඟින් දරන පිරිවැයට අදාළව කාර්යක්ෂමව හා ඵලදායී ලෙස යන්ත්‍ර භාවිතයට ගොවීන් යොමු කිරීම සිදු කරයි.

ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරනු ලබන ක්‍රියාමාර්ග වන්නේ,

· දේශීය තත්ත්වයන්ට උචිත බවට තහවුරු කරගත් කෘෂි මෙවලම් හා යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය කිරීම සඳහා විභවය ඇති දේශීය නිෂ්පාදකයින් හඳුනාගෙන ඔවුන් ඒ සඳහා දිරිමත් කිරීමට කටයුතු සම්පාදනය කරමින් පවතී.

· සාර්ථක දේශීය නවෝත්පාදන හඳුනාගෙන ඒවා වෙළෙඳ පොළ සඳහා නිෂ්පාදනය කිරීමට දේශීය නිෂ්පාදකයින් දිරි ගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

· ඉන්දියාවේ EXIM බැංකුවේ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාවේ ගොවීන් වෙත සහන මිලට කෘෂි යන්ත්‍රෝපකරණ ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සිදු කරමින් පවතී.

· රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ වැඩසටහන් මඟින් අවශ්‍ය උපකරණ අඩු මිලට කුලියට ගැනීමට හැකි වන පරිදි ඒ සඳහා මධ්‍යස්ථාන ඇති කිරීම.

· ව්‍යාපෘති මඟින් වැඩි පිරිවැය සහිත කෘෂි උපකරණ ගොවි සංවිධාන/ගොවි කණ්ඩායම් වෙත නොමිලේ හෝ සහනදායී මිලකට ලබා දීම.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2023-07-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks