පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2842/2023
ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා,— කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ කම්මල්කාර වෘත්තියේ යෙදී සිටින පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(ii) ඔවුන් විසින් දැඩි දුෂ්කරතා මධ්‍යයේ කර්මාන්තය පවත්වාගෙන යමින් විවිධ වූ නිෂ්පාදන සිදු කරනු ලබන බව දන්නේද;
(iii) කම්මල්කරුවන්ගේ නිෂ්පාදන දේශීය වෙළෙඳපොළ තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(iv) ආනයනික කෘෂි මෙවලම් අධෛර්යමත් කිරීමෙන් කම්මල් කර්මාන්තය ආරක්ෂා කරගත හැකි බව දන්නේද;
(v) එසේ නම්, ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-10
අසන ලද්දේ
ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks