පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2277/’12
ගරු දයාසිරි ජයසේකර මහතා,— සමාජ සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාව තුළ සිටින කිසිදු ආදායමකට හිමිකම් නොකියන, ආබාධිත පුද්ගලයින් හා වයෝවෘද්ධ පුද්ගලයින් සහිත පවුල් සංඛ්‍යාව ආසන්න වශයෙන් කොපමණද;
(ii) 2005 මහින්ද චින්තන ප‍්‍රකාශනයේ සඳහන් “කිසිදු ආදායමකට හිමිකමක් නොලබන ආබාධ සහිත පුද්ගලයන් සිටින පවුලක් සඳහා මසකට රුපියල් 3,000 ක් ලබා දෙන්නෙමි.” යන පොරොන්දුව පරිදි මේ වනවිට එම මුදල ලබා දෙන්නේද;
(iii) එසේ නම්, එම ප‍්‍රතිලාභය ලබන පවුල් සංඛ්‍යාව කොපමණද;
(iv) 2005 වර්ෂයේ සිට මේ දක්වා එම මුදල් ලබාදීම වෙනුවෙන් වාර්ෂිකව වැයකරන ලද මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) ඉහත (අ)(ii) හි සඳහන් පොරොන්දුව මේ වනවිට ක‍්‍රියාත්මක නොවන්නේ නම්, ඊට හේතු කවරේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-28
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමාජ සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ෆීලික්ස් පෙරේරා මහතා
(மாண்புமிகு பீலிக்ஸ் பெரேரா)
(The Hon. Felix Perera)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) කිසිදු ආදායමකට හිමිකම් නොකියන ආබාධ සහිත පුද්ගලයින් සංඛ්‍යාව 274,711කි. (දෙලක්ෂ හැත්තෑහතර දහස් හත්සිය එකොළහකි.) (2001 වර්ෂයේදී දිස්ත්‍රික් 18ක් තුළ සිදු කරනු ලැබූ ජන හා නිවාස සංගණනය අනුව)
වයෝවෘද්ධ පුද්ගලයින් සහිත පවුල් සංඛ්‍යාව, සංඛ්‍යාත්මකව ගණනය කර නැත.
(2012 ජන හා නිවාස සංගණනයේ තොරතුරු අපේක්ෂිතය සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු- වෙන් මෙතෙක් නිකුත් කර නොමැත.)
2012දී සිදු කරන ලද ජන හා නිවාස සංගණනය අනුව වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලයන් ගණන 2,468,329කි.
(විසිහතර ලක්ෂ හැට අට දහස් තුන්සිය විසි නවයකි.)
(ii) ඔව්.
(iii) පවුල් සංඛ්‍යාව 11,270කි.
(iv) රුපියල් 3000/-ක මාසික ජීවනාධාර ගෙවීම ආරම්භ කරන ලද්දේ 2007 වර්ෂයේ ජූනි මස සිටය. එදින සිට මේ දක්වා ගෙවීම් කරන ලද ආකාරය පහත විස්තර කරමි
|
වර්ෂය |
ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව |
එක් පවුලක් සඳහා මසකට රු.3,000/- බැගින් |
වාර්ෂිකව වැය කරන ලද මුදල (රු.) |
|
2007 (ජූනි-දෙසැම්බර්) |
2114 |
21,000.00 |
44,394,000.00 රු.මිලියන 44.39 |
|
2008 (ජනවාරි-දෙසැම්බර් |
2125 |
36,000.00 |
76,500,000.00 රු. මිලියන 76.5 |
|
2009 (ජනවාරි-දෙසැම්බර් |
2129 |
36,000.00 |
76, 644,000.00 රු. මිලියන 76.64 |
|
2010 (ජනවාරි-දෙසැම්බර් |
2129 |
36,000.00 |
76, 644,000.00 රු. මිලියන 76.64 |
|
2011 (ජනවාරි-දෙසැම්බර් |
11136 |
36,000.00 |
400,896,000.00 රු.මිලියන 400.89 |
|
2012 (ජනවාරි-දෙසැම්බර් |
11270 |
36,000.00 |
405,741,000.00 රු.මිලියන 405.74 |
|
එකතුව |
30903 |
|
1,080,819,000.00 රු.මිලියන 1080.81 |
(ආ) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-02-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ෆීලික්ස් පෙරේරා මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks