01

E   |     |  

 දිනය: 2023-05-23   පිළිතුර ලබා දී ඇත 

2530/2023: කින්නියා, මුතූර්, වෙරුගල්, තඹලගමුව සහ කුච්චවේලි හි රජය සතු ඉඩම්: පදිංචිකරුවන්ට හිමිකම් ඔප්පු

2530/2023

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— සංචාරක හා ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       කින්නියා, මුතූර්, වෙරුගල්, තඹලගමුව සහ කුච්චවේලි යන එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රජයේ ඉඩම්වල පදිංචිව සිටින ඉඩම් හිමිකම් ඔප්පු නොමැති පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ඉහත එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රජයේ ඉඩම්වල පදිංචිව සිටින, හිමිකම් ඔප්පු ලබා දී ඇති පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් ‍කොපමණද;

(iii) ඉහත (i) හි සඳහන් පවුල් සඳහා ඔප්පු ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේද;

(iv) එසේ නම්, එම වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-05-23

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක හා ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)     

 

ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසය

හිමිකම් ඔප්පු නිකුත් කර නොමැති සංඛ්‍යාව

මුතූර්

721

කින්නියා

4,101

තඹලගමුව

1,381

වෙරුගල්

2,927

කුච්චවේලි

3,444

              (ii)     

 

ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසය

හිමිකම් ඔප්පු නිකුත් කර ඇති  සංඛ්‍යාව

මුතූර්

1,558

කින්නියා

1,339

තඹලගමුව

1,747

වෙරුගල්

3,008

කුච්චවේලි

8,939

 

(iii) ඔව්.

(iv)

 

ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසය

ක්‍රියාත්මක කරන ආකාරය

මුතූර්

E-Slims  හරහා

කින්නියා

E-Slims හරහා

තඹලගමුව

ජංගම සේවයක් පවත්වා E-Slims හරහා

වෙරුගල්

E-Slims හරහා

 

කුච්චවේලි

· රජය සතු ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම පාලනය කිරීම සහ කළමනාකරණයට අදාළ 2008.08.20 දිනැති අංක 2008/4 චක්‍රලේඛය අනුව ඉඩම් කච්චේරි පවත්වා හිමිකම් ඔප්පු ලබා දීම.  · ඉඩම් සංවර්ධන ආඥා පනතේ 20 (අ) වගන්තිය අනුව හිමිකම් ඔප්පු ලබා දීම.  · පවුලේ ආදායම ඉහළ නම් රජයේ ඉඩම් ආඥා පනත අනුව දීර්ඝ කාලීන බදු ලබා දීම හෝ ඉඩම් සංවර්ධන ආඥා පනත අනුව ගැනුම් මිල අය කරගෙන හිමිකම් ඔප්පු ලබා දීම.  · E-Slims පද්ධතිය හරහා

 

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-07-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks