01

E   |     |  

 දිනය: 2023-04-04   පිළිතුර ලබා දී ඇත 

2527/2023: Land acquisition by the Department of Archaeology in Eastern province

2527/2023

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෑත කාලයේ සිට නැගෙනහිර පළාතේ සිදු කරනු ලබන ඉඩම් අත්පත්කර ගැනීම් සම්බන්ධයෙන් දැනුම්වත් වී තිබේද;

(ii) සුළු ජාතීන් බහුල වශයෙන් පාරම්පරිකව ජීවත්වන ප්‍රදේශවල පමණක් එම අත්පත්කර ගැනීම් සිදු කිරීමේ අරමුණ කවරේද;

  (iii) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අත්පත්කර ගනු ලබන ඉඩම් පරිපාලනය කිරීම සඳහා බෞද්ධ විහාර සහ භික්ෂූන් වහන්සේලා සම්බන්ධ කර ගැනීමේ අරමුණ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-04-04

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks