බලන්න

04

E   |     |  

 දිනය: 2012-11-24   පිළිතුර ලබා දී ඇත 

2275/2012: වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව : ස්වේච්ඡා මාර්ගෝපදේශකයින්

2275/’12

 

ගරු දයාසිරි ජයසේකර මහතා,— ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් ජාතික උද්‍යානවල සේවය කරන ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් සංඛ්‍යාව කොපමණද;

             (ii)       ඔවුන්ට  පවරා ඇති වගකීම් කවරේද;

(iii) ඔවුන්ගේ මාසික හෝ දෛනික වේතනය හෝ දීමනාව කොපමණද;

(iv) වන සතුන් හා සම්බන්ධ ක්‍ෂේත‍්‍රයක සේවය කරන එම පිරිසට සේවා කාලයේදී සිදුවන ආපදාවලදී ගෙවනු ලබන දීමනා හෝ ලබාදෙන වරප‍්‍රසාද කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ස්වේච්ඡා සේවකයින් ලෙස බඳවාගෙන මේ වනවිට ස්ථිරකර ඇති මාර්ගෝපදේශකයින් සංඛ්‍යාව කොපමණද;

(ii) ස්ථිර නොකරන ලද මාර්ගෝපදේශකයින්ගේ සේවය ස්ථිර කරන්නේද;

(iii) එම මාර්ගෝපදේශකයින්ගේ වේතනය හෝ දීමනාව වැඩි කිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-24

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු එස්.එම්. චන්ද්‍රසේන මහතා (ගොවිජන සේවා හා වනජීවී නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு எஸ்.எம். சந்திரசேன - கமநல சேவைகள், வனசீவராசிகள் பிரதி அமைச்சர்)

(The Hon. S.M. Chandrasena - Deputy Minister of Agrarian Services and Wildlife)

ගරු කථානායකතුමනි, ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)       326යි.

              (ii)       සංචාරකයින්ට මාර්ගෝපදේශකත්වය ලබා දීම ස්වේච්ඡා මාර්ගෝපදේශකයින්ගේ වගකීම හා කාර්ය භාරය වනු ඇත.

(iii) මොවුන් ස්වේච්ඡා සේවය සඳහා බඳවා ගෙන ඇත. කෙසේ වෙතත් ඔවුන් සිදු කරන සේවාව වෙනුවෙන් රුපියල් 500ක දෛනික දීමනාවක් ලබා දෙනු ඇත.

(iv) දැනට එවැනි දීමනා හෝ වරප්‍රසාද ලැබීමට ඔවුන්ට හිමිකමක් නොමැත.

(ආ) (i) ස්වේච්ඡා මාර්ගෝපදේශකයින්ගේ සේවය ස්ථිර කිරීමක් සිදු කර නොමැත. නමුත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින කම්කරු තනතුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේදී ස්වේච්ඡා මාර්ගෝපදේශකයින්ට එම තනතුරු සඳහා අයදුම් කළ හැකිය.

(ii) නැත.

(iii) ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් සඳහා ගෙවන ලද රුපියල් 350ක දෛනික දීමනාව 2012.02.01 දින සිට රුපියල් 500 දක්වා වැඩි කර ඇත.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2012-11-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks