04

E   |     |  

 දිනය: 2013-03-22   පිළිතුර ලබා දී ඇත 

2266/2013: ලංගම රියැදුරු කේ.කේ. එඩ්වින් මහතා : විශ්‍රාම ප්‍රතිලාභ

2266/’12

 

ගරු බුද්ධික පතිරණ මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       කොටවිල, කඹුරුගමුව ලිපිනයේ පදිංචි කේ.කේ. ඇඩ්වින් මහතා,

              (i)       ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) ස්ථිර පුහුණු රියදුරෙකු ලෙස වර්ෂ 1965  සිට 1986  දක්වා සේවය කර ඇති බවත්;

  (ii)  විශ්‍රාම යෑමෙන් පසුවද වර්ෂ 1986 සිට 1994 දක්වා  කොන්ත්‍රාත් පදනම මත රියැදුරෙකු ලෙස නැවත සේවයේ ‍යොදවා තිබූ බවත්;

  (iii)  මේ වනතෙක් ඔහුගේ  සේවා කාලය අනුව ඔහුට හිමි අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ, පාරිතෝෂිත  මුදල් හා වෙනත් කිසිම ගෙවීමක් කර  නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  (i)  ලංකා ගමනා ගමන මණ්ඩලය මගින් ඇඩ්වින් මහතාට ගෙවිය යුතු අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ, පාරිතෝෂිත මුදල් හා අනෙකුත් ගෙවීම්වල වටිනාකම කොපමණද;

  (ii)  එම මුදල ශාරීරික වශයෙන්  දුර්වලව සිටින ඇඩ්වින් මහතාට   ගෙවීමට සහ වර්ෂ විස්සකට අධික කාලයක් ලංගමයෙහි රඳවාගත් එම මුදල වෙනුවෙන්     පොලී මුදලක් ගෙවීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-03-22

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)         ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 1991 වර්ෂයේදී එවකට පැවති රජය විසින් ජනතා සන්තක ප්‍රවාහන සේවය නමින් ප්‍රතිව්‍යුහගත කර ඇති අතර, 1997 වර්ෂයේදී සීමාසහිත බස් සමාගම වශයෙන් ප්‍රතිව්‍යුහගත කර ඇත. ඒ අනුව එවකට එම සමාගම්හි පාලන අධිකාරින්හි තීරණයන් මත පැරණි ලිපිගොනු ‍ඉවත් කර ඇති බැවින් මේ පිළිබඳව තොරතුරු සොයා ගැනීමට නොමැත.

       (ii)  (අ)   (i)  හි පිළිතුරම අදාළ වේ.

       (iii)  යම් සේවකයකු විශ්‍රාම යෑමෙන් පසුව ඔහු විසින් සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ඉල්ලා සිටිය යුතුය. පාරිතෝෂික මුදල් සේවකයා විශ්‍රාම ගොස් මසක් ඇතුළත ගෙවීමට කටයුතු කරන අතර, 1994  වර්ෂය දක්වා නිසි පරිදි පාරිතෝෂික මුදල් ගෙවා ඇත. මෙම කාල වකවානුව අනුව 1991 වර්ෂයේදී සේවයේ යෙදී සිටි සෑම සේවකයකු සඳහාම පාරිතෝෂික මුදල් හා අර්ථසාධක අරමුදල් ගෙවා නව පත්වීම් ලිපියක් නිකුත් කර ඇති බැවින් කිසිදු හිඟ මුදලක් තිබිය නොහැක. 1991න් පසු යම් සේවකයෙක් සේවය කර ඇත්නම් ඔහු වෙත නව පත්වීම් ලිපියක් නිකුත් කර ඇති බැවින් නව පත්වීම ලද දින සිට වසර 05ක කාලයක් සම්පූර්ණ වන තෙක් පාරිතෝෂික මුදල් හිමිකම් නොමැත. නමුත් මොහු 1994 වර්ෂයේදී කොන්ත්‍රාත් සේවය අවසන් කර ඇති බැවින් ඔහුට පාරිතෝෂික මුදල් හිමිකම් නොමැත. 1991 වර්ෂයෙන් පසුව අය කරන ලද අර්ථසාධක අරමුදල් මහ බැංකුව යටතේ ඇති අර්ථසාධක අරමුදලට යොමු කරන බැවින් ඉල්ලුම්පත් ඉදිරිපත් කර අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගත හැකිය.

(ආ)  (i) ඉහත (ආ)  (iii) අනුව අදාළ නොවේ.

     (ii) අදාළ නොවේ.

(ඇ)  ඉහත (අ) (iii) පරිදි පාරිතෝෂික මුදල් හා අර්ථසාධක අරමුදල් ගෙවා නව පත්වීම් ලබා දී ඇති බැවින් ආයතනය තුළ කිසිදු මුදලක් රඳවා ගෙන නොමැත. එම නිසා පොලී මුදලක් ගෙවීමට හැකියාවක් නොමැත.

 

 

පිළිතුරු දුන් දිනය

2013-12-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර වෙල්ගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks