බලන්න

04

E   |     |  

 දිනය: 2012-06-20   පිළිතුර ලබා දී ඇත 

2255/2012: Houses built by the Government - Construction under NHDA

2255/’12

 

ගරු පී. හැරිසන් මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       2011 වර්ෂයේදී  ශ්‍රී ලංකාව තුළ  ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ඉදිකර ඇති මහල් නිවාස සංඛ්‍යාව, නිවාස ගම්මාන සංඛ්‍යාව, එම ගම්මානවල නම් හා  එක් එක් ගම්මානයේ නිවාස සංඛ්‍යාව සහ විසිරි නිවාස සංඛ්‍යාව   කොපමණද යන්න දිස්ත්‍රික් මට්ටමින්, වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

 (ආ)   (i)  2011 වර්ෂයේදී අනුරාධපුර දිස්ත්‍රික්කය හැර අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා ලබා දී ඇති නිවාස ණය ආධාර  ප්‍රමාණය කවරේද;

  (ii)  එම නිවාස ණය ආධාර ලබා දීමට තෝරා ගන්නා ලද නිවාසලාභීන්ගේ නම් කවරේද;

යන්න එක් එක් දිස්ත්‍රික්කය අනුව, වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)      (i)        නිවාස ණය ලබා දෙන්නේ රාජ්‍ය බැංකු මගින් නම්, එම බැංකු කවරේද;

      (ii)    එම නිවාස ණය සඳහා අයකරනු ලබන පොලී අනුපාතය කවරේද;

  (iii)  එම පොලිය අයකර ගැනීමෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ලාභයක් තිබේ නම්, එය කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2012-06-20

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks