01

E   |     |  

 දිනය: 2012-11-17   පිළිතුර ලබා දී ඇත 

2239/2012: දක්ෂිණ අධිවේගී මාර්ගය : මුළු මුදල

2239/’12

ගරු රවී කරුණානායක මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  

(අ)         (i)      දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීම යෝජනා වූ දිනය කවරේද;

             (ii)      ඉහත කී අධිවේගී මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් මුලදී ඇස්තමේන්තු කළ මුදල කොපමණද;

(iii) මෙම දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා මේ දක්වා වැය වී ඇති මුළු මුදල කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ) (i) දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝමීටර් කොපමණද;

(ii) දක්‍ෂිණ අධිවේගී මාර්ගය ගාල්ල සිට මාතර දක්වා දීර්ඝ කිරීමට නියමිතව තිබේද;

(iii) අධිවේගී මාර්ගයේ ආරම්භයේ සිට අවසානය දක්වා වූ ප්‍රවේශ ස්ථානවලින් අධිවේගී මාර්ගය භාවිතා කිරීම සඳහා අයකළ ගාස්තු මගින් මේ දක්වා එකතු වූ මුළු මුදල කොපමණද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?      

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-17

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු නිර්මල කොතලාවල මහතා (වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு நிர்மல கொத்தலாவல - துறைமுகங்கள், நெடுஞ்சாலைகள் பிரதி அமைச்சர்)

(The Hon. Nirmala Kotalawala - Deputy Minister of Ports and Highways)

ගරු කථානායකතුමනි, වරාය හා මහාමාර්ග අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.

(අ)          (i)      අධිවේගී මාර්ගයක් ‍ලෙස ඉදි කිරීමට යෝජනා වූයේ 1993 දීය.

 

(ආ)        (i)       කොට්ටාව සිට මාතර (ගොඩගම) දක්වා මුළු දුර කිලෝමීටර 125කි.

                         කොට්ටාව සිට පින්නදූව දක්වා කිලෝමීටර 95කි. (වැඩ අවසන් කර ඇත.)

                         පින්නදූව සිට මාතර දක්වා කිලෝමීටර 30කි. (ඉදි කරමින් පවතී.)

              (ii)       ඔව්. (දැනටමත් වැඩ ආරම්භ කර ඇත.)

             (iii)       රුපියල් මිලියන 950යි. (2012 ඔක්තෝබර් 31වන තෙක්)

(ඇ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2012-11-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු නිර්මල කොතලාවල මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks