පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2237/’12
ගරු පී. හැරිසන් මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වාහන දුම් පරීක්ෂාකිරීමේ ව්‍යාපෘතියේ අරමුණු කවරේද;
(ii) එම පරීක්ෂණයේ ක්‍රියාපටිපාටිය කුමක්ද;
(iii) 2011 වර්ෂයේදී දුම් පරීක්ෂාව සිදු කළ වාහන සංඛ්‍යාව ඒ සඳහා එක් වාහනයකින් අය කළ මිල ගණන් එක් එක් වාහන වර්ගය අනුව, වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) 2011 වර්ෂයේදී දුම් පරීක්ෂාවෙන් උපයා ගත් මුළු මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) වාහන දුම් පරීක්ෂා කිරීමේ ව්‍යාපෘතියේ පෞද්ගලික ඒජන්තවරුන්ගේ හා මහජන ආයතනයන්ගේ කාර්යභාරය වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) ඉහත පරීක්ෂණය සිදුකරනු ලබන පෞද්ගලික ඒජන්තවරුන් තෝරාගැනීම පිළිගත් ටෙන්ඩර් පටිපාටියක් අනුව සිදු කළේද;
(iii) සමස්ත ආදායමින් එම ඒජන්තවරුන්ට මුදල් ගෙවනු ලබන ක්‍රමවේදය කවරේද;
(iv) එම ඒජන්තවරුන්ගේ කළමනාකාරීත්ව දුර්වලතා හා දූෂණ සොයා බැලීමට නිසි පසු විපරම් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේද;
(v) එසේ නම්, මේ වන විට වාර්තාවී ඇති සිද්ධි හා ඊට අදාළව ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) ඉහත ව්‍යාපෘතියේ මූලික අරමුණු ළඟාකර ගෙන තිබේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-06-21
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks