බලන්න

02

E   |     |  

 දිනය: 2012-09-21   පිළිතුර ලබා දී ඇත 

2220/2012: නාගරික මහල් නිවාස හා රජයේ නිවාස යෝජනා ක්‍රමවල පදිංචිකරුවන් : සින්නක්කර අයිතිය

2220/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති මාලාවේ, “සැමට නිවසක් - හිතට සෙවණක්” වැඩපිළිවෙළ යටතේ, නාගරික මහල් නිවාස හා රජයේ වෙනත් නිවාස යෝජනා ක්‍රමවල පදිංචිකරුවන් තම නිවසේ සින්නක්කර අයිතිකරුවන් බවට පත්කිරීමේ වැඩපිළිවෙළ මාස තුනක් ඇතුළත නිම කරන බවට පොරොන්දුවක් දී ඇති බව එතුමා දන්නෙහිද?

(ආ)  (i)  ඉහත සඳහන්  වැඩපිළිවෙළ ආරම්භ කළ දිනය හා අවසන් කළ දිනය කවරේද;

  (ii)  එම වැඩසටහන යටතේ තම නිවසේ සින්නක්කර අයිතිය ලැබූ නාගරික මහල් නිවාසී පවුල් සංඛ්‍යාව කොපමණද;

  (iii)  රජයේ වෙනත් නිවාස යෝජනා ක්‍රමවල පදිංචි ඉහත පරිදි සින්නක්කර නිවාස අයිතිය ලැබූ පවුල් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?       

(ඇ)   නොඑ‍සේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-09-21

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු විමල් වීරවංශ මහතා (ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමා)

(மாண்புமிகு விமல் வீரவங்ச - நிர்மாண, பொறியியல் சேவைகள், வீடமைப்பு, பொது வசதிகள் அமைச்சர்)

(The Hon. Wimal Weerawansa - Minister of Construction, Engineering Services, Housing and Common Amenities)

ගරු කථානායකතුමනි, එම  ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)       ඔව්.

(ආ)          (i)             සින්නක්කර අයිතිය ලබා දීම සඳහා නාගරික මහල් නිවාස හා රජයේ වෙනත් නිවාස යෝජනා ක්‍රමවල පදිංචිකරුවන් එම නිවාසවල වටිනාකම ගෙවා අවසන් කිරීම මත නිවාසලාභීන්ට සින්නක්කර

අයිතිය ලබා දීමට කටයුතු කරනු ලැබේ. මේ    සඳහා දිරිමත් කිරීමේ වැඩසටහනක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති අතර, මෙම වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක වන බැවින් ඔවුන්ට ඉතා ඉක්මනින් ඔප්පු නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

              (ii)      1174කි.

වර්ෂය

ප්‍රමාණය

2010

    507

2011

    178

2012

    351

2013.09.30 දිනට

    138

එකතුව

 1174

             (iii)      7914කි. 

වර්ෂය

ප්‍රමාණය

2010

1824

2011

1973

2012

2768

2013.09.30 දිනට

1349

එකතුව

7914

(ඈ)     අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-10-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විමල් වීරවංශ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks