පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2219/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) “මහින්ද චින්තන දිනවමු ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති මාලාවේ, ජනසෙවන වැඩසටහන යටතේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රජයේ සේවකයින් වෙනුවෙන් මහල් නිවාස යෝජනා ක්‍රම හතරක් ක්‍රියාත්මක කිරීමට පොරොන්දුවක් දී ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් නිවාස යෝජනා ක්‍රම අතරින් මේ වනවිට ඉදිකිරීම් අවසන් කර ඇති යෝජනා ක්‍රම සංඛ්‍යාව කොපමණද;
(ii) එම නිවාස යෝජනා ක්‍රම පිහිටි ප්‍රදේශ කවරේද;
(iii) මේ වනවිට එම මහල් නිවාසවල පදිංචිකර ඇති රජයේ සේවකයින් සංඛ්‍යාව කොපමණද;
(iv) එම එක් එක් මහල් නිවාස යෝජනා ක්‍රමය සඳහා වෙන් කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-09-21
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු විමල් වීරවංශ මහතා
(மாண்புமிகு விமல் வீரவங்ச )
(The Hon. Wimal Weerawansa)
ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර ලබා දෙනවා.
(අ) ඔව්.
(ආ) (i) නිවාස යෝජනා ක්‍රම 02කි.
(ii)
|
ව්‍යාපෘතිය |
පිහිටි ප්‍රදේශ |
අවසන් කරන ලද වර්ෂය |
|
ජල්තර නිවාස ව්‍යාපෘතිය |
හෝමාගම (කොළඹ දිස්ත්‍රික්කය) |
2006 |
|
එඩ්මන්ටන් නිවාස ව්‍යාපෘතිය |
කිරුලපන (කොළඹ දිස්ත්‍රික්කය) |
2005 |
(iii) රජයේ සේවක සංඛ්‍යාව 672කි.
(iv)
|
ව්‍යාපෘතිය |
පිහිටි ප්‍රදේශ |
නිවාස ගණන |
වැය කළ මුදල (රු.මි.) |
|
ජල්තර නිවාස ව්‍යාපෘතිය |
හෝමාගම |
400 |
1,068 |
|
එඩ්මන්ටන් නිවාස ව්‍යාපෘතිය |
කිරුලපන |
272 |
459 |
|
එකතුව |
672 |
1,527 |
|
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-01-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විමල් වීරවංශ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks