01

E   |     |  

 දිනය: 2012-07-05   පිළිතුර ලබා දී ඇත 

2213/2012: විදේශගත ශ්‍රමිකයන් : නිවාස ණය ක්‍රමය

2213/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       “මහින්ද චින්තන - දිනවමු ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති මාලාවේ ජනසෙවන වැඩසටහන යටතේ, විදේශගත ශ්‍රමිකයන් සදහා රජයෙන් 30%ක දායකත්වය ලබාදෙන නිවාස ණය ක්‍රමයක් සකස් කිරීමට පියවර ගන්නා බවට පොරොන්දුවක් දී ඇති බව එතුමා දන්නෙහිද?

(ආ)  (i)  එම නිවාස ණය ක්‍රමය ආරම්භ කළ වර්ෂය කවරේද;

  (ii)  මේ වන විට එම නිවාස ණය ක්‍රමය යටතේ ණය ලබාගෙන ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-07-05

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ලසන්ත අලගියවන්න මහතා (ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය   අමාත්‍යතුමා)

(மாண்புமிகு லசந்த அலகியவன்ன - நிர்மாண, பொறியியல் சேவைகள், வீடமைப்பு, பொதுவசதிகள் பிரதி அமைச்சர்)

(The Hon. Lasantha Alagiyawanna - Deputy Minister of Construction, Engineering Services, Housing and Common Amenities)

ගරු කථානායකතුමනි, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)       ඔව්.

(ආ)         (i)      විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය සමඟ අවබෝධතා ගිවිසුමක් හරහා ඉලක්ක කණ්ඩායම්වලට ණය ක්‍රමයක් සකස් කිරීමට 2012 වසරේදී ගිවිසුමක් අත්සන් කර අවතීර්ණ වී ඇත.

(ii) අදාළ නොවේ.

විශේෂයෙන්ම විදේශ රැකියා ප්‍රව‍ර්ධන හා සුබ සාධන අමාත්‍යාංශයත්, ඒ වාගේම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයත් ඇතුළුව අමාත්‍යාංශ ගණනාවක් ඒකාබද්ධ වෙලායි මේ කටයුත්ත සිදු කරනු ලබන්නේ. ලබන 12වනදා මේ වැඩසටහනේ මූලික පියවර නිල වශයෙන් ආරම්භ කර මේ අයට නිවාස ලබා දීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරනවා.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-03-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලසන්ත අලගියවන්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks