බලන්න

02

E   |     |  

 දිනය: 2012-07-05   පිළිතුර ලබා දී ඇත 

2212/2012: නාගරික මහල් නිවාස යෝජනා ක්‍රමය : සින්නක්කර අයිතිය

2212/’12

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       “මහින්ද චින්තන - දිනවමු ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති මාලාවේ ජනසෙවන වැඩසටහන යටතේ නාගරික මහල් නිවාස යෝජනා ක්‍රමවල පදිංචිකරුවන්ට එම නිවාසවල සින්නක්කර අයිතිය ලබා දෙන බවට පොරොන්දුවක් දී ඇති බව එතුමා දන්නෙහිද?

(ආ)   (i)  නාගරික මහල් නිවාසවල සින්නක්කර අයිතිය පදිංචිකරුවන්ට ලබා දීම ආරම්භ කළ වර්ෂය කවරේද;

  (ii)  මේ වන විට මහල් නිවාසවල සින්නක්කර අයිතිය හිමි වූ පවුල් සංඛ්‍යාව කොපමණද; 

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඇ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-07-05

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු විමල් වීරවංශ මහතා (ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමා)

(மாண்புமிகு விமல் வீரவங்ச -  நிர்மாண, பொறியியல் சேவைகள், வீடமைப்பு, பொது வசதிகள் அமைச்சர்)

(The Hon. Wimal Weerawansa - Minister of Construction, Engineering Services, Housing and Common Amenities)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)       ඔව්.

(ආ)         (i)      1998 වර්ෂයේදීය.

              (ii)      2012.12.03 දින වන විට සින්නක්කර අයිතිය හිමි වූ පවුල් සංඛ්‍යාව 8739කි.

දිස්ත්‍රික්කය

සින්නක්කර අයිතිය ලබා දී ඇති සංඛ්‍යාව

කොළඹ දිස්ත්‍රික්කය

8373

ගම්පහ දිස්ත්‍රික්කය

  177

මහනුවර දිස්ත්‍රික්කය

  189

එකතුව

8739

(ඇ)     අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2012-12-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විමල් වීරවංශ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks