පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1813/2023
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇති කළුගල් කැඩීමේ වැඩබිම් සංඛ්‍යාව කොපමණද;
(ii) වර්ෂ 2020 සිට මේ දක්වා එම වැඩබිම් සඳහා නිකුත් කර ඇති පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය කොපමණද;
(iii) එම පුපුරණ ද්‍රව්‍ය අස්ථානගත වී ඇති බව විගණන වාර්තා මඟින් පෙන්වා දී ඇති බව දන්නේද;
(iv) එම තත්ත්වය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව පිළිගන්නේද;
(v) කළුගල් කැඩීමේ වැඩබිම් සඳහා නිකුත් කරනු ලබන පුපුරණ ද්‍රව්‍ය නියාමනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-07-05
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 2023 වර්ෂයේ මැයි මස 05 දින වන විට වලංගු කැණීම් බලපත්‍ර සහ විශේෂ අවසරපත්‍ර විස්තර අනුව මේ වන විට පවතින කළුගල් කැඩීමේ වැඩ බිම් සංඛ්‍යාව 1,268ක් වන බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය විසින් වාර්තා කර ඇත. කැණීම් බලපත්‍ර කාණ්ඩ යටතේ සහ දිස්ත්‍රික්ක අතර මෙම සම්පූර්ණ අගය බෙදී ගොස් ඇති ආකාරය -විශේෂ බලපත්‍ර ද ඇතුළුව- ඇමුණුමෙහි** දක්වා ඇත.
(ii) ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය පාලක (පුපුරණ ද්‍රව්‍ය) වෙතින් ලබා ගත් වාර්තා අනුව 2020, 2021 හා 2022 වර්ෂයන්හි ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය හා අනුමැතිය මත පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රලාභීන් වෙත නිකුත් කරන ලද පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයන්හි දත්ත සාරාංශය පහත පරිදි වන බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයෙන් වාර්තා කර ඇත.
(iii) පුපුරණ ද්‍රව්‍ය අස්ථානගත වීම පිළිබඳව සඳහන් වී ඇති "හම්බන්තොට, අනුරාධපුර, වවුනියාව සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කයන්හි ඛනිජ ද්‍රව්‍ය (කළුගල්) කැණීම සඳහා රජයේ ඉඩම් බදු දීම, පාලනය සහ රාජ්‍ය භාගය අය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණනය" යන මැයෙන් ලැබී ඇති වාර්තාව පිළිබඳව දැනුවත්ය.
(iv) පුපුරණ ද්‍රව්‍ය අස්ථානගත වීමේ සිද්ධීන් පිළිබඳව විමර්ශනය කිරීමෙන් පසුව නිගමනයකට එළඹිය යුතුය.
(v) පුපුරණ ද්‍රව්‍ය නියාමනය කිරීමේ කටයුතු පාලක (පුපුරණ ද්‍රව්‍ය) විසින් කරනු ලබන අතර, ඒ පිළිබඳ විධිවිධාන 1956 අංක 21 දරන පුපුරණ ද්‍රව්‍ය පනත යටතේ ලබා දී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය විසින් වාර්තා කර ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-07-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks