01

E   |     |  

 දිනය: 2023-06-21   පිළිතුර ලබා දී ඇත 

1811/2023: "එක්ස්ප්‍රස් පර්ල්" නෞකා අනතුර: වන්දි ගෙවීම සහ පරිසර හානිය

1811/2023

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ අනතුර හේතුවෙන් විශාල පරිසර හානියක් සිදු වූ බව පිළිගන්නේද;

            (ii)      එම පරිසර හානිය ගණනය කිරීමේ හා ඒ සම්බන්ධයෙන් වන්දි ලබා දීමේ ක්‍රියාවලියේ වර්තමාන ප්‍රගතිය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-06-21

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      උක්ත නෞකා අනතුර හේතුවෙන් සිදු වූ පරිසර හානිය ගණනය කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් විද්වත් කමිටුවක් පත්කොට ඇත. එම විද්වත් කමිටුව මඟින් පළමු හා දෙවන අන්තර්වාර වාර්තා සකස්කොට මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත්කොට ඇත.

                        දෙවන අන්තර්වාර වාර්තාවේ ගණනය  අනුව එය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.483ක් වේ. The damage cost of the oil spill, the damage cost of nitrogen added to the ocean, the damage cost of air pollution-human health impacts, the damage cost due to the dioxin and furan, the damage to turtles and associated economic losses, impacts on whales, microplastic-related damage costs, the cost to the fish consumers, the cost to the beach users, the direct losses to fishery, the impacts on fisheries livelihoods, the incurred costs, future costs, monitoring costs, restoration costs  and all add up to US Dollars 6.483 billion.

ඉහත දෙවන අන්තර්වාර වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව නීතිපති දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධ  සිවිල් නඩුකරය සිංගප්පූරු අධිකරණයේ ගොනු කර ඇත.

මම හිතන විධියට ඒකේ පළමුවෙනි නඩු වාරයත් දැන් අවසන් වෙලා තිබෙනවා, ගරු කථානායකතුමනි.

දෙවන අන්තර්වාර වාර්තාව අනුව පරිසර හානි ගණනය කර ඇත්තේ 2022 නොවැම්බර් 30 දිනට හඳුනා ගත් හානි සඳහා පමණක් වන අතර, ඊට පසුව හඳුනා ගත් හානි පිළිබඳ පරිසර හානි ඇගැයීම තවදුරටත් සිදු කළ යුතු වේ. ඒ අනුව පරිසර හානිය පිළිබඳ අවශ්‍ය දත්ත රැස් කිරීම ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය මඟින් සිදු කරනු ලබන අතර, හානි ගණනය කිරීම සහ පරිසර හානි ඇගැයීම තවදුරටත් විද්වත් කමිටුව මඟින් සිදු කරනු ලබයි.

(ආ) ඉහත (ii) යටතේ පිළිතුරු ලබා දී ඇත.

 

පිළිතුරු දුන් දිනය

2023-09-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks