බලන්න

04

E   |     |  

 දිනය: 2023-04-04   පිළිතුර ලබා දී ඇත 

1807/2023: Details of imported M-9 train engines

1807/2023

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,—  ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද M - 9 දුම්රිය එන්ජින් සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම දුම්රිය එන්ජින් ආනයනය කරන ලද වර්ෂය කවරේද;

            (iii)       ඒවා ආනයනය කරන ලද රට කවරේද;

            (iv)       ඒ සඳහා වැය කරන ලද  මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත (අ) (i)හි සඳහන් දුම්රිය එන්ජින් අතරින් මේ වනවිට ධාවනය කරනු ලබන සහ ගාල් කර ඇති  දුම්රිය එන්ජින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) අවශ්‍යතාවය අනුව පමණක් දුම්රිය එන්ජින් සහ දුම්රිය මැදිරි  ආනයනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(iii) මේ වනවිට ගාල් කර ඇති දුම්රිය එන්ජින් හා දුම්රිය මැදිරිවලින් යම් ප්‍රයෝජනයක් ගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-04-04

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks