පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1798/2023
ගරු කුමාරසිරි රත්නායක මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව, මුතුකණ්ඩිය ජලාශය ඉදිකරන ලද දිනය කවරේද;
(ii) එම ජලාශය ඉදිකිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ තිබූ පැරණි ගම්මාන කිහිපයක ජීවත් වූ ජනතාවට සිය වාසභූමි අහිමි වූ බව දන්නේද;
(iii) එම ජනතාව සඳහා විකල්ප ඉඩම් හෝ වන්දි ලබා දී තිබේද;
(iv) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(v) ඔවුන්ට ලබා දෙන ලද වන්දි මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත (අ) (ii)හි සඳහන් ජනතාව අතරින් කිසිදු වන්දි මුදලක් ලැබී නොමැති පුද්ගලයන් පිරිසක් සිටින බව දන්නේද;
(ii) එම පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(iii) ඔවුන්ට වන්දි ලබා දීමට කටයුතු කරන්නේද;
(iv) එසේ නම්, ඔවුන්ට වන්දි ලබා දෙනු ලබන දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-04-04
අසන ලද්දේ
ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks