04

E   |     |  

 දිනය: 2023-03-21   පිළිතුර ලබා දී ඇත 

1796/2023: Details of selection procedure to appoint a Vice Chancellor to Sabaragamuwa University

1796/2023

ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට උපකුලපතිවරයෙකු තෝරා ගැනීම සඳහා 2020 වර්ෂයේදී අයදුම්පත් කැ‍ඳවා  තිබුණේද;

             (ii)       එසේ නම්, එම එක් එක් අයදුම්කරුගේ නම හා සුදුසුකම් වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එම අයදුම්කරුවන් අතරින් සුදුසු පුද්ගලයෙකු තෝරා ගැනීම සඳහා ඇගයීම් කමිටුවක් පත් කරන ලද්දේද;

(ii) එම ඇගයීම කමිටුවේ සාමාජිකයන්ගේ නම් කවරේද;

(iii) එම ඇගයීම් කමිටුව රැස් වූ දින කවරේද;

(iv) එම ඇගයීම් කමිටුව  විසින් ඉහත සඳහන් එක් එක් අයදුම්කරුට ලබා දෙන ලද ලකුණු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මෙම තනතුර සඳහා සුදුසු පුද්ගලයකු තෝරා ගැනීම වෙනුවෙන් විශේෂ පාලක සභා රැස්වීම් පැවැත්වූයේද;

(ii) එසේ නම්, එම එක් එක් රැස්වීම පවත්වන ලද දිනය සහ ඊට සහභාගි වූ සාමාජිකයන්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම පාලක සභාව විසින් එක් එක් අයැදුම්කරුට ලබා දෙන ලද ලකුණු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-21

අසන ලද්දේ

ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks