04

E   |     |  

 දිනය: 2012-11-10   පිළිතුර ලබා දී ඇත 

2202/2012: ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා සහ නියෝජ්‍ය අමාත්‍යතුමා : විදේශ සංචාර

2202/’11

 

ගරු රවී කරුණානායක මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      පසුගිය වර්ෂ දෙකක කාලය තුළ එක් එක් වර්ෂයේදී,

             (i)       ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා විසින් සහ නියෝජ්‍ය අමාත්‍යතුමා විසින් සිදු කරන ලද මුළු විදේශ සංචාර සංඛ්‍යාව වෙන් වශයෙන් කොපමණද;

(ii) එසේ සංචාරය කරන ලද රටවල් කවරේද;

(iii) මෙම සංචාර සම්බන්ධයෙන් සඳහන් අරමුණ ඉටුකර ගැනීමට තිබූ අවශ්‍යතාවය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ) (i) එම එක් එක් සංචාරය සඳහා අමාත්‍යතුමා හෝ නියෝජ්‍ය අමාත්‍යතුමා කැටුව ගිය නිලධාරීන් සංඛ්‍යාව සහ එම එක් එක් සංචාරය සඳහා වැයවූ මුදල් ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ඉහත කී සංචාර සඳහා වියදම් කරන ලද මුදල් රජයේ මුදල්ද, එසේ නැතහොත් ඉහත සඳහන් සංචාරය කරන ලද රටවල රජ‍යන් විසින් ලබාදෙන ලද මුදල්ද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?‍

 

අසන ලද දිනය

2012-11-10

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා

(மாண்புமிகு சுசந்த புஞ்சிநிலமே)

(The Hon. Susantha Punchinilame)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

 

පිළිතුරු දුන් දිනය

2013-09-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks