පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1637/2023
ගරු මිලාන් ජයතිලක මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පසුගිය කාලයේ ගොවීන් විසින් බහුල වශයෙන් කහ වගා කරන ලද බවත්;
(ii) එම කහ අස්වැන්න කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් මිලදී ගත් බවත්;
(iii) මේ වන විට කහ මිල පහළ ගොස් ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉන්දියාවෙන් කහ ආනයනය කිරීමට පියවර ගෙන තිබේද;
(ii) කහ වගා කරනු ලබන ගොවීන් ධෛර්යමත් කිරීම සඳහා ඔවුන්ගේ කහ අස්වැන්න සාධාරණ මිලකට මිලදී ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-06-06
අසන ලද්දේ
ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) ඔව්.
2020 වර්ෂයේ සිට මේ දක්වා කාලසීමාව සැලකීමේදී කහ මිලෙහි ශීඝ්‍ර ඉහළ යෑමක් සහ නැවතත් මිලෙහි පහත වැටීමක් නිරීක්ෂණය වේ.
(ආ) (i) නැත.
2020.08.17 දිනැති අංක 2189/4 දරන අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව කහ මෙරටට ආනයනය කිරීම දින නියමයක් නොමැතිව තහනම් කර ඇත.
(ii) නැත.
(ඇ) ගොවීන්ගෙන් අමු කහ මිල දී ගෙන නිෂ්පාදනය කරන ලද කහ ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 74කට ආසන්න ප්‍රමාණයක් වෙළඳපොළ වෙත නිකුත් කළ අතර තවදුරටත් මෙට්‍රික් ටොන් 70කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර ඇත.
මෙම ගබඩා කර ඇති කහ ප්‍රමාණය අළෙවි කර ගැනීමකින් තොරව මෙම වසරේ අස්වැන්න මිල දී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ දැඩි දුෂ්කරතාවකට කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය මුහුණ පා ඇත.
පිළිතුරු දුන් දිනය
2023-06-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks