පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1636/2023
ගරු මිලාන් ජයතිලක මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මඟින් වාර්ෂිකව ප්‍රතිලාභ ලබා ගනු ලබන සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම ආයතනය මඟින් ප්‍රතිලාභ ලබා දෙන අනතුරු සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කර තිබේද;
(iii) එම ආයතනයෙන් ලබා දෙන ප්‍රතිලාභ තවදුරටත් වැඩි කිරීම සඳහා හැකියාවක් තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත ආයතනය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
(ii) එම ආයතනය වඩාත් ජනතා හිතවාදී ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට වැඩපිළිවෙළක් සකස් කර තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-23
අසන ලද්දේ
ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ප්‍රතිලාභ ලබන්නන් සංඛ්‍යාව වාර්ෂිකව විචලනය වේ.
2022 වර්ෂයේදී 93කටද, 2021 වර්ෂයේදී 45කටද, 2020 වර්ෂයේදී 34කටද, 2019 වර්ෂයේදී 52කටද, 2018 වර්ෂයේදී 45කටද වශයෙන් ප්‍රතිලාභ ලබා දී ඇත.
(ii) ඔව්.
ඊට අමතරව දිවයිනේ සියලුම පොලිස් ස්ථානයන්හි පිහිටි රථ වාහන අංශ හරහා, හඳුනා නොගත් වාහනවලින් අනතුරට ලක්වන වින්දිත පාර්ශ්වයන් ඍජුවම දැනුවත් කිරීමටද කටයුතු කෙරේ.
(iii) 2022 ජනවාරි මස 01වන දින සිට, හඳුනා නොගත් වාහන අනතුරකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙක් වෙනුවෙන් එතෙක් ගෙවූ රුපියල් 100,000ක්ව පැවැති මුදල රුපියල් 150,000ක් දක්වාද, මරණයට පත් වූ පුද්ගලයෙකුගේ යැපෙන්නන් වෙනුවෙන් එතෙක් ගෙවූ රුපියල් 150,000ක්ව පැවැති මුදල රුපියල් 250,000ක් දක්වාද වැඩි කර ඇත.
(ආ) (i) ප්‍රධාන රූපවාහිනී නාළිකා හා සමාජ මාධ්‍ය ඔස්සේද, පාසල් ළමුන් හා විවිධ සමාජ කොටස් ඉලක්ක කොටගත් වැඩසටහන් ක්‍රියාවට නැංවීම තුළින්ද, මූල්‍ය සහන ගෙවීම සම්බන්ධ x පුවරු හා දැන්වීම් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන හරහා ප්‍රදර්ශනය කිරීම තුළින්ද ජනතාව දැනුවත් කෙරේ.
(ii) මාර්ග ආාරක්ෂාව පිළිබඳ ජාතික සභාව කොමිෂන් සභාවක් බවට පත් කිරීමේ මූලික පියවර ගැනීමටත්, ආයතනය නියෝජනය කිරීම සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් නිලධාරින් පත් කිරීම සඳහා සුදුසු ව්‍යුහයක් සකස් කිරීමටත්, ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක සියලු ආයතන, විශ්වවිද්‍යාල හා ස්වේච්ඡා සංවිධාන ඒකාබද්ධ කරමින් "2021-2030 එක්සත් ජාතීන්ගේ මාර්ග ආරක්ෂාව සඳහා වූ ක්‍රියාකාරී දශකය" සඳහා වන ගෝලීය සැලැස්මට අනුකූල වන පරිදි හා එහි ඉලක්ක සපුරා ගත හැකි වන පරිදි ජාතික මාර්ග ආරක්ෂණ වැඩසටහනක් නිර්මාණය කිරීමටත් පියවර ගෙන ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-07-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks