01

E   |     |  

 දිනය: 2023-03-21   පිළිතුර ලබා දී ඇත 

1631/2023: වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම්: අනවසරයෙන් අත්පත් කරගැනීම

1631/2023

ගරු ගුණතිලක රාජපක්ෂ මහතා,— වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)         (i)       වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් ප්‍රමාණය අක්කරවලින් කොපමණද;

             (ii)       එම ඉඩම් අතරින් ඉඩම් විශාල ප්‍රමාණයක් අනවසරයෙන් අත්පත්කර ගෙන ඇති බව දන්නේද;

(iii) එසේ අනවසරයෙන් අත්පත්කර ගෙන ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර්වලින් කොපමණද;

 

 

(iv) එම ඉඩම්, නැවත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සන්තකයට ලබා ගැනීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-21

අසන ලද්දේ

ගරු ගුණතිලක රාජපක්ෂ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සංරක්ෂිත රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇති වනාන්තර හා තවදුරටත් ප්‍රකාශයට පත් කිරීමට ඇති වනාන්තර ඇතුළත්ව මුළු වනාන්තර ප්‍රමාණය අක්කර 4,015,110කි.

              (ii)      වනාන්තර ඉඩම්වලින් යම් ප්‍රමාණයක් ජනතාව අනවසරයෙන් අල්ලාගෙන ඇත.

             (iii)      පසුගිය කාලය තුළ ප්‍රදේශයේ ජනතාව විසින් අනවසරයෙන් හේන් වගා කිරීම සඳහා ඉඩම් අල්ලාගෙන ඇත. මෙම ඉඩම් වැඩි ප්‍රමාණයක් වනාන්තර ගහණයක් නොමැති පඳුරු සහිත ද්විතීයික තත්ත්වයේ වනාන්තර වන අතර, එසේ වගා කටයුතු සඳහා වනාන්තර ඉඩම් අල්ලා ගැනීමේදී පසුව ඔවුන්ට විරුද්ධව අධිකරණ ක්‍රියා මාර්ග ගෙන ඇත.

ගරු කථානායකතුමනි, ඉතිහාසය පුරාවටම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රක්ෂිත වනාන්තර ලෙස ගැසට් කළේ හේන් වගා කරගෙන හිටපු ඉඩම්. එම ඉඩම් අල්ලාගෙන තවදුරටත් හේන් වගාව කරගෙන යනවා.

 

හැබැයි, ජනතාවගේ ජීවන තත්ත්වය ගැනත් අපි බලන්න ඕනෑ. ‍රටේ ජනගහනය වැඩි වනකොට ඒ අයට ඉඩම් අවශ්‍යතාවක් ඇති වෙනවා. වැඩි වනාන්තර ගහනයක් නැති සමහර ඉඩම් අල්ලාගෙන ජනතාව හේන් ‍ගොවිතැන් කරගෙන යනවා. ඒ ඉඩම් අල්ලා‍ ගැනීමෙන් පසුව ඔවුන්ට විරුද්ධව නඩු පවරන්න අපි කටයුතු කර තිබෙනවා.

(iv) 1979 අංක 7 දරන රජයේ ඉඩම් (සන්තකය ආපසු ලබාගැනීමේ) පනත යටතේ ඒ සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන ඇත.

(ආ) ඉහත (අ) කොටසේ (iv) පිළිතුර හා අදාළ වේ.

 

පිළිතුරු දුන් දිනය

2023-05-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks