පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1621/2023
ගරු තිස්ස අත්තනායක මහතා,— වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2020 මැයි 07 දිනැති අංක අමප/20/0722/218/010 දරන අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි, සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් වෙත කඩිනමින් ණය සහන ලබා දීම සඳහා 2020 වර්ෂයේදී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලද බව දන්නේද;
(ii) ඉහත සඳහන් අමාත්‍ය මණ්ඩල තීරණයේ සඳහන් කර ඇති එක් නිර්ණායකයකට අනුව, 2020 වර්ෂයේදී පුත්තලම දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමූපකාර සමිතිය සඳහා සමූපකාර කොමසාරිස්වරයා නිර්දේශ කර තිබු රු. 10,000,000/-ක ණය සීමාව ඉක්මවා රු. 70,000,000/-ක ණය මුදලක් ලබා දීමට හේතු වූ කරුණු කවරේද;
(iii) නිර්දේශිත ණය සීමාව ඉක්මවා ණය ලබා දීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-10-03
අසන ලද්දේ
ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) සී/ස පුත්තලම් දිස්ත්‍රික් සහල් නිපදවන්නන්ගේ සමූපකාර සමිතිය සඳහා 2020 වර්ෂයේදී වයඹ සමුපකාර සංවර්ධන කොමසාරිස් සහ රෙජිස්ට්‍රාර්ගේ නිර්දේශ හා රේඛීය සමුපකාර සංවර්ධන කොමසාරිස් හා රෙජිස්ට්‍රාර්ගේ නිර්දේශ මත රුපියල් මිලියන 70ක මුදලක් ලබා දී ඇත.
(iii) ඉහත අ (ii) අනුව පැන නොනඟී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-10-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නලින් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks