පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1574/2023
ගරු සංජීව එදිරිමාන්න මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය ආරම්භ කරන ලද වර්ෂය කවරේද;
(ii) එම ආයතනය ආරම්භ කිරීමේ අරමුණු හා එහි කාර්ය භාරය එම ආයතනය විසින් මේ වනවිට ඉටු කරනු ලබන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වර්ෂ 2015 සිට මේ දක්වා පර්යේෂණ කටයුතු වෙනුවෙන් එම ආයතනයට වෙන් කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම ආයතනය විසින් නිකුත් කරනු ලබන වාර්තා සැලකිල්ලට ගෙන කෘෂිකර්මාන්තයට අදාළ ඉදිරි සැලසුම් සකස් කරන්නේද;
(iii) අනාගත කෘෂිකාර්මික අභියෝග ජය ගැනීම සඳහා එම ආයතනය විසින් පර්යේෂණ කටයුතු සිදු කර ඊට අදාළ වාර්තා ලබා දී තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-21
අසන ලද්දේ
ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks