04

E   |     |  

 දිනය: 2023-06-20   පිළිතුර ලබා දී ඇත 

1544/2023: පුවක් වගාව: විස්තර

1544/2023

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ශ්‍රී ලංකාවේ බහුලව පුවක්  වගා කරනු ලබන ප්‍රදේශ කවරේද;

             (ii)      ශ්‍රී ලංකාවේ වාර්ෂිකව නිෂ්පාදනය කරනු ලබන කරුංකා පුවක් ප්‍රමාණය කොපමණද;

           (iii)      වර්ෂ 2019 සිට මේ දක්වා අපනයනය කර ඇති කරුංකා පුවක් ප්‍රමාණය සහ එමඟින් උපයාගෙන ඇති විදේශ විනිමය ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ශ්‍රී ලංකාවේ පුවක් වගාව ප්‍රචලිත කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

          යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-06-20

අසන ලද්දේ

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      රත්නපුර, කුරුණෑගල, මහනුවර, කෑගල්ල, බදුල්ල, මාතර සහ මාතලේ යන දිස්ත්‍රික්ක.

වර්ෂය

නිෂ්පාදනය වියළි පුවක් (මෙට්‍රික්ටොන්)

2018

14,399

2019

17,978

2020

20,796

2021

23,890

2022

24,323

             (ii)     

 

 

 

 

 

 

 

 

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ඵලදායීතා දත්තා හා වගා වපසරිය පිළිබඳ දත්ත මත පදනම්ව මෙම වාර්ෂික නිෂ්පාදන ප්‍රමාණ ඇස්තමේන්තුගත කර ඇත.

(iii)

දත්ත මූලාශ්‍රය: ශ්‍රී ලංකා රේගුව

ඉහත වගුවෙහි පුවක් වෙනත් ලෙස කරුංකා දක්වා ඇත.

2019 සිට 2021 දක්වා ඇමෙරිකානු ඩොලර් අනුපාතය ශ්‍රී ලංකා මහ බැංකුවේ සාමාන්‍ය ඩොලර් අනුපාතය අනුව දක්වා ඇති අතර, 2022 සිට ඇමෙරිකානු ඩොලර් අනුපාතය රේගු දත්ත අනුව දක්වා ඇත.

(iv)

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පුවක් වගා ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. මේ යටතේ ජල මූලාශ්‍ර සහිතව වගා කිරීමට, විශාල ඉඩම් වටා වගා කිරීමට සහ කුඩා ඉඩම්වල අතුරු භෝගයක් ලෙස වගා කිරීමට පුවක් පැළ නිකුත් කරනු ලැබේ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් පහත පරිදි ප්‍රතිලාභින් වෙත පුවක් පැළ ලබා දී ඇත.

 

වර්ෂය

ප්‍රතිලාභින් ගණන

පැළ ප්‍රමාණය

2020

5,781

   982,774

2021

7,753

1,317,977

2022

6,006

1,020,978

 

2023 වර්ෂයේ බෙදා දීමට සැලසුම් කර ඇති පැළ මිලියන 1.03ක් සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 30කි.

එක් පැළයක් සඳහා රජයේ දායකත්වය - රුපියල් 25.00

ප්‍රතිලාභියාගේ දායකත්වය - රුපියල්   5.00

පුවක් වගා කරන දිස්ත්‍රික්කවල ගොවීන් දැනුවත් කිරීම.

 පැළ නිෂ්පාදනය සම්බන්ධයෙන් තවාන්කරුවන් දැනුවත් කිරීම.

රෝග පළිබෝධ පාලනයට අවශ්‍ය විශේෂඥ දැනුම ලබා දීම; සහ

ක්ෂේත්‍ර පරීක්ෂාව සහ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළු වැඩසටහන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් සිදු කරමින් පවතී.

වර්ෂය

පුහුණු වැඩසටහන් ගණන

2020

385

2021

517

2022

400

 

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2023-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks