පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1540/2023
ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය,— කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ එක් එක් පළාත්වල සිටින අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදකයන් බහුල වශයෙන් සිටින ප්‍රදේශ කවරේද;
(iii) ශ්‍රී ලංකාවේ ඇති අත්යන්ත්‍ර රෙදිපිළි අලෙවිසැල් සංඛ්‍යාව කොපමණද;
(iv) එම අලෙවිසැල් බහුල වශයෙන් ඇති ප්‍රදේශ කවරේද;
(v) අත්යන්ත්‍ර රෙදිපිළි අලෙවි කිරීමෙන් එක් එක් පළාත් සභා බලප්‍රදේශය තුළ උත්පාදනය කරන වාර්ෂික ආදායම වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-09
අසන ලද්දේ
ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i)
ශ්‍රී ලංකාවේ පළාත්වල සිටින අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදකයන් සංඛ්‍යාව පළාත් වශයෙන් පහත දක්වා ඇත.
|
පළාත |
නිෂ්පාදකයන් සංඛ්‍යාව |
එකතුව |
|||
|
පළාත් කර්මාන්ත දෙපාර්ත-මේන්තු |
පෞද්ගලික |
වෙනත් (සමුපකාර සමිති) |
|||
|
01 |
උතුර |
86 |
- |
- |
86 |
|
02 |
දකුණ |
600 |
06 |
- |
606 |
|
03 |
බස්නාහිර |
375 |
05 |
- |
380 |
|
04 |
නැගෙනහිර |
- |
187 |
- |
187 |
|
05 |
ඌව |
230 |
02 |
- |
232 |
|
06 |
උතුරු මැද |
160 |
08 |
12 |
180 |
|
07 |
සබරගමුව |
306 |
12 |
- |
318 |
|
08 |
මධ්‍යම |
582 |
- |
53 |
635 |
|
09 |
වයඹ |
300 |
90 |
- |
390 |
|
එකතුව |
2,639 |
310 |
65 |
3,014 |
|
මෙහි දැක්වෙන්නේ පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව තුළ ලියා පදිංචි වූ පෞද්ගලික සහ සමුපකාර සමිති යටතේ ලියා පදිංචි වූ නිෂ්පාදකයන් සංඛ්‍යාව පමණි.
මූලාශ්‍රය - සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන් විසින් ලබා දී ඇති තොරතුරු
(ii) ශ්‍රී ලංකාවේ පළාත් තුළ අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදකයන් බහුල වශයෙන් විසිරී සිටින ප්‍රදේශ පහත සඳහන් වේ.
|
පළාත |
නිෂ්පාදකයන් බහුල වශයෙන් සිටින දිස්ත්‍රික්ක |
නිෂ්පාදකයන් බහුල වශයෙන් සිටින ප්‍රදේශ |
|
|
03 |
බස්නාහිර |
කොළඹ ගම්පහ කළුතර |
|
|
04 |
නැගෙනහිර |
මඩකලපුව |
මන්මුනේ- උතුර, කොරලෛයිපත්තු, මන්මුනේ- දකුණ, එරුවිල්පත්තු, මන්මුනේ- පදිප්පලෛයි, එරාවුර්පත්තු- චෙන්කලඩි, කොරලෛයිපත්තු- උතුර, කාත්තන්කුඩි, මන්මුනේ- බටහිර, කෝරතිව්පත්තු වෙල්ලාවෙලි, අරයන්පත්තු |
|
05 |
ඌව |
බදුල්ල |
|
|
06 |
උතුරු මැද |
පළාත පුරාම ගම්මාන මට්ටමෙන් |
|
|
07 |
සබරගමුව |
කෑගල්ල |
|
|
08 |
මධ්‍යම |
මහනුවර |
|
|
09 |
වයඹ |
කුරුණෑගල පුත්තලම |
හලාවත, වෙන්නප්පුව, මාරවිල, මාදම්පේ |
(iii) ශ්‍රී ලංකාවේ ඇති අත්යන්ත්‍ර රෙදිපිළි අළෙවිසැල් සංඛ්‍යාව 198ක් වේ.
(iv) ශ්‍රී ලංකාවේ ඇති අත්යන්ත්‍ර රෙදිපිළි අළෙවිසැල් බහුල වශයෙන් ඇති ප්‍රදේශ, පළාත් වශයෙන් පහත පරිදි දැක්වේ.
|
පළාත |
අළෙවිසැල් බහුල වශයෙන් ඇති ප්‍රදේශ |
|
|
01 |
උතුර |
යාපනය |
|
02 |
දකුණ |
ගාල්ල මාතර හම්බන්තොට |
|
03 |
බස්නාහිර |
ගම්පහ කළුතර |
|
04 |
නැගෙනහිර |
ත්‍රිකුණාමලය මඩකලපුව අම්පාර |
|
05 |
ඌව |
බදුල්ල |
|
06 |
උතුරු මැද |
අනුරාධපුරය |
|
07 |
සබරගමුව |
කෑගල්ල |
|
08 |
මධ්‍යම |
මහනුවර |
|
09 |
වයඹ |
කුරුණෑගල පුත්තලම |
මෙහි දැක්වෙන්නේ දැනට පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව යටතේ ඇති සහ පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව තුළ ලියා පදිංචි වූ පෞද්ගලික සහ සමුපකාර සමිතිවලට අදාළ අළෙවිසැල් සංඛ්‍යාව පමණි.
මූලාශ්‍රය - සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන් විසින් ලබා දී ඇති තොරතුරු
(v) අත්යන්ත්‍ර රෙදිපිළි අළෙවි කිරීමෙන් එක් එක් පළාත් සභා බලප්‍රදේශ තුළ පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තු යටතේ ඇති නිෂ්පාදන මධ්‍යස්ථාන උත්පාදනය කරන වාර්ෂික ආදායම 2022 වර්ෂයට අදාළව පළාත් වශයෙන් පහත දැක්වෙන අතර, පෞද්ගලික නිෂ්පාදකයන් විසින් උපයන ආදායම මෙහි ඇතුළත් නොවේ.
|
පළාත |
වාර්ෂික ආදායම 2022 - (රුපියල්) |
|
|
01 |
උතුර |
රු. 6,584,130.32 |
|
02 |
දකුණ |
රු. 242,968,079.87 |
|
03 |
බස්නාහිර |
රු. 100,063,340.16 |
|
04 |
නැගෙනහිර |
රු. 224,310,000.00 |
|
05 |
ඌව |
රු. 60,000,000.00 |
|
06 |
උතුරු මැද |
රු. 29,340,592.83 |
|
07 |
සබරගමුව |
රු. 72,921,566.00 |
|
08 |
මධ්‍යම |
රු. 115,468,714.00 |
|
09 |
වයඹ |
රු. 140,329,746.00 |
|
එකතුව |
රු. 991,986,169.18 |
|
මූලාශ්‍රය - සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන් විසින් ලබාදී ඇති තොරතුරු
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-05-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks