පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1539/2023
ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය,— කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගෘහසේවිකාවන් ලෙස වාර්ෂිකව විදේශ ගතවන ශ්‍රී ලාංකික කාන්තාවන් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එසේ විදේශ ගතවීමේදී සේවා ගිවිසුම් අත්සන් කරන්නේද;
(iii) එසේ නම්, එම සේවා ගිවිසුමේ වලංගු කාලය කොපමණද;
(iv) ඉහත සඳහන් ගෘහසේවිකාවන් හා ඔවුන්ගේ පවුල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පසු විපරම් සිදු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-24
අසන ලද්දේ
ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු හා විදේශ රැකියා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) විදේශගත වන ගෘහ සේවිකාවන් ප්‍රමාණය එක් එක් වර්ෂයට අදාළව දිස්ත්‍රික්ක අනුව වෙන් වෙන් වශයෙන් කොපමණ ද කියා තමයි අහලා තිබෙන්නේ. ඒ විස්තර අපි ඇමුණුම් මඟින් ඉදිරිපත් කර තිබෙනවා. මම පසුබිම වශයෙන් කියන්න කැමැතියි, 2020 වර්ෂයේ ගෘහ සේවය සඳහා කාන්තාවන් 15,322ක්, 2021 වර්ෂයේ ගෘහ සේවය සඳහා කාන්තාවන් 29,314ක්, ඒ වාගේම ගිය අවුරුද්දේ ජුනි මාසයේ 30වන දා දක්වා පමණක් 36,915ක් විදේශගත වෙලා තිබෙන බව. එහිදී කුරුණෑගල, නුවර, කොළඹ දිස්ත්‍රික්කවලින් තමයි වැඩි වශයෙන් විදේශගත වෙලා තිබෙන්නේ, ගරු මන්ත්‍රීතුමියනි. එක් එක් දිස්ත්‍රික්කය අනුව වාර්ෂිකව විදේශගත වුණු සංඛ්‍යාව ඇමුණුම් වශයෙන් ඉදිරිපත් කර තිබෙනවා.
2020 වර්ෂය - ඇමුණුම 1
2021 වර්ෂය - ඇමුණුම 2
2022.06.30 වන දින තෙක් - ඇමුණුම 3
ඇමුණුම් 1, 2, 3 සභාගත* කරමි.
(ii) ගිවිසුමක් අත්සන් කරයි.
(iii) වසර 02යි.
(iv) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පනත මඟින්ම විදේශ රැකියාවක් සඳහා විදේශගත වන පුද්ගලයන්ගේ ආරක්ෂාව, සුබසාධනය සිදු කළ යුතු බව සඳහන්ව ඇත.
ඒ අනුව,
රට ගියාම එයාගේ පවුලේ අය ගැන බලා ගන්නවා. රට ගියාම විතරක් නොවෙයි, රට ගිහිල්ලා ආවාමත් ඒ පුද්ගලයා සමාජගත කරන්න නැවත වතාවක් සවිබලගැන්වීමේ වැඩසටහනකුත් - reintegration programme එකක් - ක්‍රියාත්මක වෙනවා. ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ. ගරු මන්ත්‍රීතුමියනි, විදේශගත ශ්‍රමිකයන්ට රුපියල් මිලියන දෙකක් දක්වා ඉතාම අඩු, සහනදායී පොලියකට ණයක් ලබා දීම සඳහා යෝජනාවක් මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා, විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ තිබෙන රුපියල් බිලියන පහක මුදලක් යොමු කරලා. ඊයේ දවසේදී කැබිනට් මණ්ඩලය ඒකට අනුමැතිය ලබා දුන්නා. ඒ ණය මුදල ලබා දෙන්නේ දැනට රට ඉන්න අයට. ඒ ලබා දෙන රුපියල් මිලියන දෙකක ණය මුදලට අමතරව දැනට ඇවිල්ලා ඉන්න අයටත් ඒ අයගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න, ඒ අයට නැවත ව්‍යාපාර ආරම්භ කරන්න, ව්‍යවසායකයන් බවට පත් කරන්න ඒ ණය ක්‍රමය තවත් දීර්ඝ කරන්න, නැත්නම් තවත් පුළුල් කරන්න කියලා ජනාධිපතිතුමා ඊයේ අපට උපදෙස් ලබා දුන්නා.
(ආ) පැන නොනඟී.
* සභාමේසය මත තබන ලද ඇමුණුම්:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்புகள் :
Annexes tabled:
Annex 1
Registrations for Foreign Employment in 2020
Through All Sources
By Manpower Level - Housemaid & Sector - Domestic
|
District |
No. of Registrations |
|
KURUNEGALA |
1943 |
|
KANDY |
1451 |
|
COLOMBO |
1382 |
|
GAMPAHA |
1346 |
|
ANURADHAPURA |
1334 |
|
PUTTALAM |
1065 |
|
KALUTARA |
856 |
|
GALLE |
753 |
|
TRINCOMALEE |
635 |
|
BATTICALOA |
592 |
|
KEGALLE |
552 |
|
RATNAPURA |
528 |
|
POLONNARUWA |
503 |
|
BADULLA |
474 |
|
MATALE |
412 |
|
AMPARA |
374 |
|
NUWARA ELIYA |
329 |
|
HAMBANTOTA |
276 |
|
MATARA |
175 |
|
MONARAGALA |
150 |
|
VAVUNIYA |
83 |
|
MANNAR |
49 |
|
JAFFNA |
37 |
|
MULLAITIVU |
16 |
|
KILINOCHCHI |
7 |
|
Total |
15322 |
This report is generated according to the data available as at 31/12/2020.
Annex 2
Registrations for Foreign Employment in 2021
Through All Sources
By Manpower Level - Housemaid & Sector - Domestic
|
District |
No of Registrations |
|
KURUNEGALA |
3244 |
|
COLOMBO |
3125 |
|
KANDY |
2741 |
|
GAMPAHA |
2533 |
|
ANURADHAPURA |
1979 |
|
PUTTALAM |
1732 |
|
KALUTARA |
1694 |
|
GALLE |
1485 |
|
TRINCOMALEE |
1405 |
|
BATTICALOA |
1364 |
|
RATNAPURA |
1126 |
|
KEGALLE |
1059 |
|
BADULLA |
968 |
|
POLONNARUWA |
890 |
|
NUWARA ELIYA |
887 |
|
MATALE |
826 |
|
AMPARA |
675 |
|
HAMBANTOTA |
511 |
|
MATARA |
447 |
|
MONARAGALA |
223 |
|
VAVUNIYA |
182 |
|
MANNAR |
88 |
|
JAFFNA |
69 |
|
KILINOCHCHI |
34 |
|
MULLAITIVU |
27 |
|
Total |
29314 |
This report is generated according to the data available as at 31/12/2021.
Annex 3
Registrations for Foreign Employment in 2022
Period - 01/01/2022 - 30/06/2022
Through All Sources
By Manpower Level - Housemaid & Sector - Domestic
|
District |
No of Registrations |
|
KANDY |
3924 |
|
KURUNEGALA |
3830 |
|
COLOMBO |
3093 |
|
ANURADHAPURA |
2701 |
|
GAMPAHA |
2643 |
|
KALUTARA |
2095 |
|
PUTTALAM |
1845 |
|
NUWARA ELIYA |
1807 |
|
BADULLA |
1729 |
|
RATNAPURA |
1596 |
|
GALLE |
1595 |
|
BATTICALOA |
1426 |
|
TRINCOMALEE |
1397 |
|
POLONNARUWA |
1396 |
|
KEGALLE |
1388 |
|
MATALE |
1191 |
|
AMPARA |
885 |
|
HAMBANTOTA |
642 |
|
MATARA |
631 |
|
MONRAGALA |
387 |
|
VAVUNIYA |
321 |
|
MANNAR |
153 |
|
JAFFNA |
138 |
|
KILINOCHCHI |
53 |
|
MULLAITIVU |
49 |
|
Total |
36915 |
This report is generated according to the data available as at 01/03/2023.
පිළිතුරු දුන් දිනය
2023-04-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මනූෂ නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks