01

E   |     |  

 දිනය: 2023-03-09   පිළිතුර ලබා දී ඇත 

1537/2023: Performance of Agricultural officers

1537/2023

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය,—  කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       වී ගොවිතැනේදී හා ගෙවතු වගාවේදී කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින්ගේ උපරිම දායකත්වය ලබා ගැනීමට පියවර ගෙන තිබේද;

             (ii)       වල් පැළෑටි මර්දනයේදී සහ පළිබෝධ හා කෘමි උවදුරුවලදී, කෘමිනාශක ද්‍රව්‍ය හා වල්නාශක ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ උපදෙස් ලබා ගත යුතු තත්ත්වයක් උදා වී ඇති බව දන්නේද;

(iii) එම අලෙවිකරුවන් විසින් අධික මිල ගණන් යටතේ එම ද්‍රව්‍ය අලෙවි කරනු ලබන  බව දන්නේද;

(iv) එම තත්ත්වය වැළැක්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිසි  පියවර ගෙන තිබේද;

(v) එසේ නම්, එම පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-09

අසන ලද්දේ

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks