පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1509/2023
ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මයිටා උවදුර, ශ්‍රී ලංකාවේ පොල් වගාවට හානි සිදු කරනු ලබන බවත්;
(ii) ඒ හේතුවෙන් පොල් ඵලදාව ඉතා අඩු වන බව සහ පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මයිටා උවදුර මර්දනය කිරීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(ii) ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් උපයා දෙනු ලබන පොල් වගාව ආරක්ෂා කිරීම සඳහා ගනු ලබන කෙටිකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-09-19
අසන ලද්දේ
ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) · පොල් වගාවේ අස්වැන්න අඩුවීම කෙරෙහි පළිබෝධ උවදුරු පමණක් නොව, වෙනත් දේශගුණික සාධක සහ පෝෂක ඌනතා ද බලපානු ලබන අතර, පොල් මයිටා හානිය නිසා සිදු වන අස්වැන්න අඩුවීම සියයට 3කටත් වඩා අඩු මට්ටමක පවතී.
· මයිටා උවදුර හේතුවෙන් පොල් මද කිසිදු අවස්ථාවක පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් නොවේ.
(ආ) (i) ජීව විද්‍යාත්මක ක්‍රම.
රසායනික ක්‍රම.
වෙනත් ක්‍රම.
(ii) කෙටිකාලීන.
දිගුකාලීන
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-09-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks