පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1507/2023
ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදලේ සාමාජිකයන්ගේ දරුවන්ට එම අරමුදල මඟින් ලබා දෙනු ලබන ශිෂ්‍යත්ව කවරේද;
(ii) එම ශිෂ්‍යත්ව ලැබීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් කවරේද;
(iii) වර්ෂ 2015 සිට මේ දක්වා ශිෂ්‍යත්ව ලැබූ දරුවන් සංඛ්‍යාව කොපමණද;
(iv) එම ශිෂ්‍යත්ව ලබා දීම සඳහා වැය කරන ලද මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-07-19
අසන ලද්දේ
ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ව්‍යාපෘති 02ක් ක්‍රියාත්මක වේ.
1. 5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් සඳහා රුපියල් 15,000 බැගින් දරුවන් 9,000ක් සඳහා වාර්ෂිකව ශිෂ්‍යත්ව ප්‍රදානය (1994 වර්ෂයේ සිට)
2. අ.පො.ස. (උ/පෙළ) සමත් දරුවන් සඳහා රුපියල් 12,000 බැගින් දරුවන් 7,000ක් සඳහා වාර්ෂිකව ශිෂ්‍යත්ව ප්‍රදානය (2010 වර්ෂයේ සිට)
(ii) 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වීම මත මූල්‍ය ප්‍රදානයක් ලැබීමට මූලික සුදුසුකම්
(iii)
|
විභාග වර්ෂය |
ප්‍රදානය කළ ශිෂ්‍යත්ව ප්‍රමාණය |
||
|
අ.පො.ස. (උ.පෙළ) |
5 වසර ශිෂ්‍යත්ව |
|
|
|
2015 |
2066 |
4541 |
|
|
2016 |
4400 |
5494 |
|
|
2017 |
3323 |
5966 |
|
|
2018 |
3649 |
6242 |
|
|
2019 |
3864 |
7482 |
|
|
2020 |
6365 |
8099 |
|
|
2021 |
4809 |
6380 |
|
|
එකතුව |
28,476 |
44,204 |
|
(iv)
|
විභාග වර්ෂය |
ප්‍රදානය කළ ශිෂ්‍යත්ව ප්‍රමාණය |
|
|
අ.පො.ස. (උ.පෙළ) |
5 වසර ශිෂ්‍යත්ව |
|
|
2015 |
24.79 |
68.11 |
|
2016 |
52.80 |
82.41 |
|
2017 |
39.88 |
89.49 |
|
2018 |
43.79 |
93.63 |
|
2019 |
46.37 |
112.23 |
|
2020 |
76.38 |
121.48 |
|
2021 |
57.71 |
95.70 |
|
එකතුව |
341.71 |
663.06 |
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-07-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks