පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1506/2023
ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය,— කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සේවක අර්ථසාධක අරමුදල විසින් ලබා දෙනු ලබන සේවාවන් පුළුල් කර තිබේද;
(ii) එම සේවා ලබා ගැනීම සඳහා පහසු ක්‍රමවේදයක් සකස් කර තිබේද;
(iii) එසේ නම්, එම ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) සේවයේ යෙදී සිටියදී අනතුරුවලට මුහුණපාන සේවකයන් වෙනුවෙන් රුපියල් මිලියන දෙකක වන්දි ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වන්නේද;
(ii) එසේ නම්, මේ වනවිට එම වැඩසටහන යටතේ වන්දි ලබා දී ඇති සේවකයන් සංඛ්‍යාව කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-07-04
අසන ලද්දේ
ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු හා විදේශ රැකියා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks