බලන්න

04

E   |     |  

 දිනය: 2023-05-12   පිළිතුර ලබා දී ඇත 

1505/2023: පාසල් පරිසර වැඩසටහන්: ප්‍රගතිය

1505/2023

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මේ වනවිට “පාසල් පරිසර වැඩසටහන්” ක්‍රියාත්මක වන්නේද;

             (ii)       එසේ නම්, “පාසල් පරිසර වැඩසටහන්” ක්‍රියාත්මක කරනු ලබන පාසල් සංඛ්‍යාව කොපමණද;

            (iii)       එම වැඩසටහන් සඳහා පාසල් සිසුන් මෙන්ම ගුරුවරුන්ද සම්බන්ධ කරගෙන තිබේද;

(iv) ‍එම ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය කවරේද;

(v) “පාසල් පරිසර වැඩසටහන්” සඳහා වඩාත් සක්‍රිය දායකත්වයක් ලබා දෙනු ලබන පාසල් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-05-12

අසන ලද්දේ

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්තා කර ඇති පරිදි, පාසල් තුළ පරිසර වැඩසටහනක් ලෙස "ජාතික පරිසර නියමු වැඩසටහන" ක්‍රියාත්මක කරනු ලබන අතර, එය පහත සඳහන් පරිදි පරිසර ළමා සමාජ සහ පරිසර නියමු ලෙස ආකාර දෙකකි.

1.       පරිසර ළමා සමාජ වැඩසටහන (01-05 ශ්‍රේණි සඳහා)

2.       පරිසර නියමු වැඩසටහන (06-13 ශ්‍රේණි සඳහා)

(ii) සමස්ත දිවයිනේ පාසල් 10,184ක් ස්ථාපිත කර ඇති අතර එයින් පරිසර නියමු හා ළමා සමාජ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති පාසල් සංඛ්‍යාව පහත පරිදි වන බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්තා කර ඇත.

 

ජාතික පරිසර නියමු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සුදුසුකම් සපුරා ඇති පාසල් සංඛ්‍යාව

දැනට ක්‍රියාත්මක පාසල් සංඛ්‍යාව

ප්‍රතිශතය

5780

*   4381

76%

 

පරිසර ළමා සමාජ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සුදුසුකම් සපුරා ඇති පාසල් සංඛ්‍යාව

දැනට ක්‍රියාත්මක පාසල් සංඛ්‍යාව

ප්‍රතිශතය

6770

*  3662

54%

*  ඇතැම් පාසල්වල පරිසර නියමු කණ්ඩායම් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් සිසුන් සංඛ්‍යාවක් නොමැතිවීම හේතුවෙන් එම පාසල්වල ජාතික පරිසර නියමු වැඩසටහන ක්‍රියාත්මක නොවන බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්තා කර ඇත.

 

(iii) අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව මධ්‍යම පරිසර අධිකාරිය මඟින් මුළු දිවයිනම කේන්ද්‍ර කර ගනිමින් ජාතික පරිසර නියමු වැඩසටහන පාසල් තුළ ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහන මෙහෙයවීමේ ජාතික වගකීම පරිසර අමාත්‍යාංශයේ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් ජාතික පරිසර නියමු මෙහෙයුම් කමිටුවට පැවරී ඇත.

ඒ අනුව, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ මධ්‍යම පරිසර අධිකාරියේ පළාත්/දිස්ත්‍රික් කාර්යාල ප්‍රධානීන්ගේ අධීක්ෂණය පරිදි ජාතික පරිසර නියමු වැඩසටහන පාසල තුළ ක්‍රියාත්මක කරනු ලබන බවත්, එහිදී තෝරා ගත් ගුරුවරුන් දෙදෙනෙකු පරිසර නියමු කාර්යභාර ගුරුභවතුන් ලෙස විදුහල්පතිතුමාගේ අනුමැතිය පරිදි තෝරා ගත් පසු ඔවුන් විසින් පරිසර නියමු කණ්ඩායම තෝරා ගැනීම, හැසිරවීම, ක්‍රියාකාරකම් ඉටු කිරීම, මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ වෙමින් ඉටු කරනු ලබන බවත් මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්තා කර ඇත.

ඔවුන් අතරින් අධ්‍යාපන කලාපයක් ආවරණය වන පරිදි තෝරා ගන්නා කාර්යභාර නිලධාරියෙකු පරිසර නියමු කලාප කොමසාරිස් ලෙසත්, අධ්‍යාපන කොට්ඨාසයක් ආවරණය වන පරිදි තෝරා ගන්නා කාර්යභාර නිලධාරියෙකු පරිසර නියමු කොට්ඨාස කොමසාරිස් ලෙසත් නම් කරන අතර, දිස්ත්‍රික් උපදේශක තනතුරට මෙම වැඩසටහනේ දීර්ඝ කාලීන ප්‍රවීණයෙකු පත් කෙරෙන බවද මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්තා කර ඇත.

මෙම වැඩසටහනට සම්බන්ධ වන පාසල් ගුරුවරුන්, කොමසාරිස්වරුන් නිසි ලෙස පුහුණු කිරීම සඳහා පුහුණු වැඩසටහන් සහ අනෙකුත් අධ්‍යාපන සම්බන්ධීකරණ නිලධාරින් සඳහා ද සුදුසු පරිදි පුහුණු වැඩසටහන් මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන ඒකකයෙන් සහ පළාත්/දිස්ත්‍රික් කාර්යාල මඟින් සිදු කරනු ලැබේ.

(iv) මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්තා කර ඇති පරිදි මෙම ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය පහත පරිදි වේ.

 

පදක්කම

2015

2016

2017

2018

2019

2020

2021

2022

පරිසර නියමු

24497

30480

85172

95675

90325

10614

3339

18700

හරිත

4402

7434

3803

22968

24196

5261

762

4944

රජත

1328

1270

1281

4069

8591

1976

455

1584

ස්වර්ණ

110

257

196

823

1167

410

132

512

ජනාධිපති

46

41

40

93

99

47

24

105

මුළු එකතුව

30383

39482

90492

123628

124378

18308

4712

25845

 

පදක්කම

2015

2016

2017

2018

2019

2020

2021

2022

තුරුලතා

29727

25446

53430

74523

80617

7159

4087

26296

විහඟ

9109

7786

16428

28482

35158

3519

1684

10518

සොබා

3905

2092

4400

8054

14648

1218

1250

3509

මුළු එකතුව

42741

35324

74258

111059

130423

11896

7021

40323

 

2015 වසරේ සිට ජාතික පරිසර නියමු වැඩසටහනේ අඛණ්ඩ ප්‍රගතියක් පෙන්නුම් කළ අතර, 2020 වසර ආරම්භයේදී රට තුළ ඇති වූ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් නිසි පරිදි ක්‍රියාත්මක නොවීමත්, 2021, 2022 වර්ෂවලදී ද කොවිඩ් වසංගත තත්ත්වය එලෙසම පැවතීම හා රටේ පැවති ආර්ථික අර්බුද තත්ත්වය හේතුවෙන් විෂය සමගාමී වැඩසටහන් සඳහා පාසල්වලින් ලද දායකත්වය ඉතා දුර්වල මට්ටමක පැවතුණු බැවින්, පරිසර නියමු වැඩසටහනේ අපේක්ෂිත ප්‍රගතිය එම වර්ෂ තුළදී ළඟා කර ගැනීමට නොහැකි වූ බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්තා කර ඇත.

(v) ජාතික පරිසර නියමු වැඩසටහනේ පදක්කම් ක්‍රියාවලියේ දී පරිසර නියමුවන්හට ලබා ගත හැකි ඉහළම පදක්කම් වන ස්වර්ණ සහ ජනාධිපති පදක්කම්ලාභීන් අඛණ්ඩව බිහි කළ පාසල් වඩා සක්‍රිය පරිසර නියමු පාසල් ලෙස තෝරා ගෙන ඇති අතර, මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්තා කර ඇති පරිදි එම පාසල් ලේඛනය පහත පරිදි වේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(ආ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2023-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks