පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1459/2023
ගරු මායාදුන්න චින්තක අමල් මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) පුත්තලම දිස්ත්‍රික්කයේ —
(i) කජු වගා කරනු ලබන ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) වාර්ෂික කජු නිෂ්පාදනය කොපමණද;
(iii) කජු වගා කරනු ලබන ගොවීන් දිරිමත් කිරීම සඳහා කජු පැල සහ සහනාධාර ලබා දෙන්නේද;
(iv) කජු වගාව ව්‍යාප්ත කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-12
අසන ලද්දේ
ගරු මායාදුන්න චින්තක අමල් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) අක්කර 12,974කි.
(ii) කිලෝග්‍රෑම් 6,174,572ක් වේ.
(iii) ඔව්. සහනාධාර වගා වැඩසටහන යටතේ 2023 වසරේදී පුත්තලම දිස්ත්‍රික්කය තුළ කජු අක්කර 130ක් වගා කිරීමට සැලසුම් කර ඇත. මේ වන විට ප්‍රතිලාභීන් තෝරා ගනිමින් පවතී.
(iv) i. අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරන කජු අපනයන ගම්මාන ව්‍යාපෘතිය යටතේ අක්කර 140ක් පමණ බද්ධ කජු වගාව සිදු කිරීමට නියමිතව ඇති අතර, ඒ සඳහා ප්‍රතිලාභීන් ප්‍රාදේශීය කාර්යාල හරහා තෝරා ගැනීමට කටයුතු කරනු ලැබේ.
ii. කජු සහනාධාර වගා ව්‍යාපෘතිය යටතේ අවශ්‍ය කජු පැළ සහනදායී මිලට ලබාදීම.
iii. ඒ සඳහා අදාළ ක්ෂණික උපදෙස් ප්‍රතිලාභීන් වෙත නොමිලේ ලබාදීම.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-06-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks