බලන්න

04

E   |     |  

 දිනය: 2023-03-10   පිළිතුර ලබා දී ඇත 

1457/2023: ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් නිකුත් කිරීම: ගත් පියවර

1457/2023

ගරු මායාදුන්න චින්තක අමල් මහතා,— මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ශ්‍රී ලංකාවේ මේ වනවිට නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත් සංඛ්‍යාව කොපමණද;

            (ii)       ඒ අතරින් ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පත් සංඛ්‍යාව කොපමණද;

            (iii)       ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් සඳහා ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පතක් නිකුත් කිරීමට කටයුතු කරන්නේද;

 (iv) එසේ නම්,  එම ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පත නිකුත් කර, අවසන් කිරීමට අපේක්ෂිත කාල වකවානුව කවරේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-03-10

අසන ලද්දේ

ගරු මායාදුන්න චින්තක අමල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)      පරිගණකගත ක්‍රමවේදය හඳුන්වා දුන් 2014.02.28 දින සිට 2023.04.11 දින දක්වා ජාතික හැඳුනුම්පත් 4,121,290ක් නිකුත් කර ඇත.

              (ii)      ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් මේ වන තෙක් නිකුත් කර නොමැත.

              (iii)      ඔව්.

              (iv)      දැනට සැලසුම් කර ඇති පරිදි, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් අදාළ මෘදුකාංගය හා අනෙකුත් උපකරණ 2025 ජනවාරි වන විට ප්‍රසම්පාදනය කර සැපයීමට නියමිතව ඇත. එතැන් පටන් මිලියන 16ක් පමණ වූ පුරවැසියන් නැවත ලියාපදිංචි කර ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය වසර 02කින් අවසන් කිරීමට අපේක්ෂිතයි.

 

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2023-04-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks