පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2159/’11
ගරු දයාසිරි ජයසේකර මහතා,— රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ පාලනය වන වතු සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් වත්තේ සේවය කරන සේවක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත සේවකයින් වෙනුවෙන් මසක දී සේවක අර්ථසාධක අරමුදලට බැර කළ යුතු මුදල කොපමණද;
(ii) ඒ අනුව මේ වනවිට සේවක අර්ථසාධක අරමුදලෙහි තැන්පත් කර ඇති මුදල කොපමණද;
(iii) නිසි පරිදි එකී අර්ථසාධක මුදල් තැන්පත් කිරීම් සිදුකර නොමැති නම්, එක් එක් වත්ත අනුව ගෙවීමට ඇති හිඟ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) සමස්ත හිඟ මුදල කොපමණද;
(v) ඉහත හිඟ මුදල කවර කටයුත්තක් සඳහා යොදවා තිබේද;
(vi) එම හිඟය පියවන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-15
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු දයාශ්‍රිත තිසේරා මහතා
(மாண்புமிகு தயாசிறித திஸேரா)
(The Hon. Dayasritha Thissera)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) 12යි.
(අ) (ii) සහ (ආ) (i), (ii) සහ (iii) සඳහා පිළිතුරු ඇමුණුමෙහි සඳහන් වේ. ඇමුණුම පහත සඳහන් කරමි.
(ආ) (iv) රුපියල් 492,178,500.00 (රුපියල් මිලියන හාරසිය අනූදෙකකුත් එක්ලක්ෂ හැත්තෑඅටදහස් පන්සියයක්)
(v) සංස්ථාව සතුව තිබූ ලාභදායී වතු පෞද්ගලීකරණය කිරීමෙන් අනතුරුව ඉතිරි වූ ලාභදායී නොවන වතු කිහිපයක් පාලනය කිරීමට
රාජ්‍ය වැවිලි සංස්ථාවට සිදු ව ඇත. මේ හේතුව මත වැඩි නිෂ්පාදන පිරිවැයක් දරමින් අඩු ආදායමක් ලබා ගැනීම හේතු කොට ගෙන වසර ගණනාවක් තිස්සේම ඍණ කාරක ප්‍රාග්ධනයක් මත පවත්වා ගෙන ආ සංස්ථාව, වරින් වර වැඩි වන සේවක පඩි නඩි මධ්‍යයේ තව තවත් ශුද්ධ පාඩු තත්ත්වයක් යටතේ පවත්වා ගෙන යයි.
මේ හේතු මත සේවක පඩි නඩි සහ වතු යායන්හි අත්‍යවශ්‍යම දෛනික කාර්යයන් පවත්වා ගැනීමට බැංකුවලින් සහ වෙනත් සහෝදර ආයතනවලින් ණය මුදල් මෙන්ම තේ තැරැව්කාර සමාගම්වලින් ලබා ගන්නා අත්තිකාරම් මුදල් මත යැපීමට සිදුව ඇත. එබැවින් සේවක වැටුප්, උත්සව අත්තිකාරම්, වෛද්‍යධාර වැනි අත්‍යවශ්‍ය ගෙවීම් සඳහා මුදල් වෙන් කරනවා විනා ව්‍යවස්ථාපිත ගෙවීම් සිදු කිරීමට තරම් සංස්ථාවේ මූල්‍යමය ද්‍රවශීලතාව ශක්තිමක් නොමැති වීම.
(vi) ඇමුණුමෙහි සඳහන් පරිදි රුපියල් මිලියන 500කට ආසන්න හිඟ මුදල එකවර ගෙවීමට හැකියාවක් නොමැත.
(ඇ) සේවක අර්ථ සාධක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස්වරයා විසින් පවරනු ලබන නඩු සඳහා ගෙවීම් කරමින් පවතින අතර, නොගෙවීම් සම්බන්ධයෙන් වරින් වර නිකුත් කරන නියෝගයන්හි ගෙවීම් සිදු කිරීමට සිදු වන මුදල් ප්‍රමාණය ඉතා විශාල බැවින් වාරික පදනම මත ගෙවීමට කටයුතු සැලසුම් කර තිබේ.
කෙසේ නමුත්, සංස්ථාව සතුව පවතින රුපියල් මිලියන 4000ට වඩා වටිනාකමකින් යුත් දැව සම්පත නිස්සාරණය කර ගැනීමට පවතින බාධා ඉවත් කිරීමට විධිමත් හා කඩිනම් වැඩ පිළිවෙළක් සකස් කිරීම කෙරෙහි වගකිව යුතු අංශයන්හි අවධානය යොමුකර හිඟ අර්ථ සාධක අරමුදල් ප්‍රමාණය එකවර ගෙවීමට ක්‍රියා මාර්ග ගත යුතුව ඇති අතර එමඟින් ඉතා අධික මුදලක් වැය කරනු ලබන අධිභාර මුදල්ද වළක්වාගත හැක.
පිළිතුරු දුන් දිනය
2012-11-15
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු දයාශ්‍රිත තිසේරා මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks