01

සි   |     |  

 Date: 2012-11-15   Answered 

2159/2012: EMPLOYEES' PROVIDENT FUND OF ESTATE EMPLOYEES : AMOUNT IN ARREARS

2159/’11

Hon. Dayasiri Jayasekara,— To ask the Minister of  State Resources and Enterprise Development,—

(a) Will he state—

(i) the number of estates managed by the Sri Lanka State Plantation Corporation; and

(ii) separately, the number of employees working in each of the aforesaid estates?

(b) Will he inform this House—

(i) of the amount of money that should be credited to the Employees Provident Fund per month on behalf of the aforesaid employees;

(ii) of the amount of money that has hitherto been credited to the Employees Provident Fund accordingly;

(iii) separately, of the amount of money in arrears that should be paid on behalf of each of the aforesaid estates, if money has not been credited to the aforesaid Provident Fund regularly;

(iv) of the total amount of money in arrears;

(v) of the purpose for which the aforesaid amount of money that has fallen into arrears has been utilized; and

(vi) of the date on which the arrears will be settled ?

(c) If not, why?

 

Asked Date

2012-11-15

Asked by

Hon. Dayasiri Jayasekara, Attorney at Law, M.P.

Ministry

State Resources and Enterprise Development

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

 

ගරු දයාශ්‍රිත තිසේරා මහතා

(மாண்புமிகு  தயாசிறித  திஸேரா)

(The Hon. Dayasritha  Thissera)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      12යි.              

(අ)         (ii)       සහ (ආ) (i), (ii) සහ (iii) සඳහා පිළිතුරු ඇමුණුමෙහි සඳහන් වේ. ඇමුණුම පහත සඳහන් කරමි.

(ආ)        (iv)      රුපියල් 492,178,500.00 (රුපියල් මිලියන හාරසිය අනූදෙකකුත් එක්ලක්ෂ හැත්තෑඅටදහස් පන්සියයක්)

(v) සංස්ථාව සතුව තිබූ ලාභදායී වතු පෞද්ගලීකරණය කිරීමෙන් අනතුරුව ඉතිරි වූ ලාභදායී නොවන වතු කිහිපයක් පාලනය කිරීමට

 

 

රාජ්‍ය වැවිලි සංස්ථාවට සිදු ව ඇත. මේ හේතුව මත වැඩි නිෂ්පාදන පිරිවැයක් දරමින් අඩු ආදායමක් ලබා ගැනීම හේතු කොට ගෙන වසර ගණනාවක් තිස්සේම ඍණ කාරක ප්‍රාග්ධනයක් මත පවත්වා ගෙන ආ සංස්ථාව, වරින් වර වැඩි වන සේවක පඩි නඩි මධ්‍යයේ තව තවත් ශුද්ධ පාඩු තත්ත්වයක් යටතේ පවත්වා ගෙන යයි.

                        මේ හේතු මත සේවක පඩි නඩි සහ වතු යායන්හි අත්‍යවශ්‍යම දෛනික කාර්යයන් පවත්වා ගැනීමට බැංකුවලින් සහ වෙනත් සහෝදර ආයතනවලින් ණය මුදල් මෙන්ම තේ තැරැව්කාර සමාගම්වලින් ලබා ගන්නා අත්තිකාරම් මුදල් මත යැපීමට සිදුව ඇත. එබැවින් සේවක වැටුප්, උත්සව අත්තිකාරම්, වෛද්‍යධාර වැනි අත්‍යවශ්‍ය ගෙවීම් සඳහා මුදල් වෙන් කරනවා විනා ව්‍යවස්ථාපිත ගෙවීම් සිදු කිරීමට තරම් සංස්ථාවේ මූල්‍යමය ද්‍රවශීලතාව ශක්තිමක් නොමැති වීම.

(vi) ඇමුණුමෙහි සඳහන් පරිදි රුපියල් මිලියන 500කට ආසන්න හිඟ මුදල එකවර ගෙවීමට හැකියාවක් නොමැත.

(ඇ) සේවක අර්ථ සාධක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස්වරයා විසින් පවරනු ලබන නඩු සඳහා ගෙවීම් කරමින් පවතින අතර, නොගෙවීම් සම්බන්ධයෙන් වරින් වර නිකුත් කරන නියෝගයන්හි ගෙවීම් සිදු කිරීමට සිදු වන මුදල් ප්‍රමාණය ඉතා විශාල බැවින් වාරික පදනම මත ගෙවීමට කටයුතු සැලසුම් කර තිබේ.

කෙසේ නමුත්, සංස්ථාව සතුව පවතින රුපියල් මිලියන 4000ට වඩා වටිනාකමකින් යුත් දැව සම්පත නිස්සාරණය කර ගැනීමට පවතින බාධා  ඉවත් කිරීමට විධිමත් හා කඩිනම් වැඩ පිළිවෙළක් සකස් කිරීම කෙරෙහි වගකිව යුතු අංශයන්හි අවධානය යොමුකර හිඟ අර්ථ සාධක අරමුදල් ප්‍රමාණය එකවර ගෙවීමට ක්‍රියා මාර්ග ගත යුතුව ඇති අතර එමඟින් ඉතා අධික මුදලක් වැය කරනු ලබන අධිභාර මුදල්ද වළක්වාගත හැක.

 

Answered Date

2012-11-15

Answered by

Hon. DAYASRITHA THISSERA, M.P.,, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks